IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සිංගිමලේ උමඟේ වැහිලිහිණි කූඩු කැඩීමේ ජාවාරම ජයටම

රංජිත් රාජපක්ෂ                        

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ බැද තිබෙන වැහිලිහිණි කුඩු කඩා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇතැම් සුපිරි සංචාරක හෝටල් වලට  අලෙවි කිරිමේ ජාවරම සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.


උඩරට දුම්රිය මාර්ගයේ හැටන්  දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට කිලෝමීටර ½ පමණ එපිටන් පිහිටි දැනට ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන්නේ සිංගිමලේ දුම්රිය උමං මාර්ගයයි. එය දුර කිලෝමීටර් 1 කට ආසන්නය.


එම දුම්රිය උමං මාර්ගය හරහා දිනකට විශාල පිරිසක් ගමන් කරන අතර  උමං මාර්ගයෙන් එපිට පිහිටි තේ වතු යායවල් වලට පිවිසිමට ඇති කෙටිම මාර්ගය මෙම දුම්රිය උමං මාර්ගය හරහා පිහිටා ඇත.


දිවා කාලයේ වුවද පන්දම් හා ටොච් දල්වා ගෙන එම දුම්රිය උමං මාර්ගය තුලින් විශාල පිරිසක් ගමන් කිරිම  හමුවේ රාත්‍රී කාලයේ තවත් ජාවාරම්කරුවන් පිරිසක් එම උමගේ බැද තිබෙන වැහිලිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරමක් ආරක්ෂක අංශවල පවා අසු නොවි සිදු කරන බව එම දුම්රිය උමං මාර්ගයෙන් දිනපතා ගමන් කරන මගීහු පවසති.


සිංගිමලේ රක්ෂිතය හරහා ඉදිකර තිබෙන මෙම උමං මාර්ගයේ ලක්ෂ ගණනින් වැහිලිණි කුඩු බැද තිබෙන අතර , එම වැහිලිහිණි කුඩුවල රාත්‍රී කාලයේ වැහිලිහිණියන් ගත කරයි.


ඇතැම් කුඩු වල වැහිලිහිණි  පැටවුන්ද විශාල වශයෙන් සිටින අතර එම ජාවාරම්කරුවන් රාත්‍රී කාලයේ දුම්රිය ධාවනය නොවන අවස්ථාවල  වැහිලිහිණි කුඩු කැඩීමේ ජාවාරම ජයටම  සිදු කරගෙන යන බවඑම දුම්රිය මාර්ගය හරහා ගමන් ගන්නා ජනතාව කියා සිටියි.


වැහිලිහිණි කුඩු කැඩිම සඳහා උණ බට වලින් සකස් කර ගන්නා ලද  ඉණිමගවල් සදා උමං මාර්ගයේ ගල මුදුණේ පවා බැද තිබෙන වැහිලිහිණි කුඩු තියුණු ආයුධයක් යොදා හුරා කඩා ගන්නා බව ප්‍රදේශවාසින් කියා සිටියි.


එම කුඩුවල සිටින වැහිලිහිණි පැටවුන් සහ බිත්තර දුම්රිය මාර්ගයට දමා කුඩු පමණක් ජාවාරම්කරුවන් රැගෙන යන බවත්, එසේ කඩා ගන්නා වැහිලිහිණි කුඩු අධික මිලකට රැගෙන යාමට පිටතින් ජාවාරම්කරුවන් හැටන් ප්‍රදේශයට  පැමිණෙයි.


සිංගිමලේ බිංගයේ පමණක් නොව උඩරට දුම්රිය මාර්ගයේ වැහිලිහිණි කුඩු බැද ඇති සැම දුම්රිය උමං මාර්ගයකම වැහිලිහිණි කූඩු කැඩිමේ ජාවාරම සිදු කරන බවද පැවසෙයි.


ඇතැම් සුපිරි සංචාරක හෝටල්වල  මෙම වැහිලිහිණි කූඩු වලින් විශේෂ සුප් වර්ගයක් පිළියෙළ කරන බවත්, එම සුප් කොප්පයක් විශාල මුදලකට අලෙවි කරන බවත් එම සුප් බිම සඳහා සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති බවත් පැවසේ.

ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

https://tinyurl.com/y95vmbrz



අදහස් (5)

සිංගිමලේ උමඟේ වැහිලිහිණි කූඩු කැඩීමේ ජාවාරම ජයටම

nuwan Wednesday, 10 October 2018 05:42 AM

ඕවා අල්ලන එක සිම්පල් වැඩක්.ඔතන වයර් රහිත කැමරා සවි කරන්න ඕනේ ඒ වගේම සිවිල් පිට ඔය හෝටල් වලට ගිහින් කුරුළු සුප් ඇනවුම් කරන්න ඕනේ.හොරු නිකන්ම හොයා ගන්න පුළුවන්.කරය්ද ඒ විදිහට???

:       0       117

ලුම්බිණි Wednesday, 10 October 2018 06:09 AM

වනසත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුව කවු හරි මතක් කරන කම්ද මොකුත් නොකර ඉන්නේ? මෙම වැහිලිහිණි කූඩු වලින් විශේෂ සුප් වර්ග හදල විකුණන සුපිරි සංචාරක හෝටල්වල බලපත් පවා තහනම් කල යුතුයි. මේ සුප් බොන්නේ ලෝකෙම එකම කට්ටියක් විතරයි.

:       0       46

ashok Wednesday, 10 October 2018 07:07 AM

කෝ වනජීවී...? පව් කුරුල්ලන්ටත් නිදහසේ ඉන්නවත් දෙන්නේ නැති තිරිසන්නු... අලි මදිවට වැහිලිහිණි...

:       0       2

SUMITH Wednesday, 10 October 2018 07:24 AM

ඕවා බොන උදවිය ඊළඟ ආත්මේ උපදින්නේ නපුංසක වෙලා තමයි.

:       0       4

රවින් Wednesday, 10 October 2018 09:52 AM

රක්ෂිතයේලු... වනජීවී උප ඇමතිතුමා වෙත බාරකරමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site