විනීතා එම් ගමගේ
සෞඛ්‍ය සේවයේ ප්‍රගතිශීලී ගමනට නිලධාරිවාදය හරස් වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
බොහෝ නිලධාරින් පරපෝෂිතයන් වී තනතුරු දරමින් සාරය උරා බොන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
තමන් සෞඛ්‍ය සේවක ඉල්ලීම් මත ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වන තුරු නිලධාරින් පසුපස ගොස් ඔවුන්ට කරදයක් වන්නැයි ද එවිට ඔවුන් ඒ ගැන තමන්ට පැමිණිලි කළ පසු ඒ ගැන බලා ගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ 7 ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවැති මැයි දින සමරු උත්සවයක් අමතමිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ වෘත්තිය සමිති 58 ක් එක්ව මෙම මැයි දින සමරුව පැවැත්වූ අතර එහි ආරාධිත අමුත්තා වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහතා මෙසේ ද පැවැසීය.
‘‘ මම 1974 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කළා. 1975 මැයි මාසයේ මම වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්. එතැන් සිට අවුරුදු 14 ක් එහි ලේකම් ලෙස වැඩ කළා. එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නයෙදි සෞඛ්‍ය කෙෂත‍්‍රයේ වෛද්‍ය නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා එක තැනකට ගෙනෙන්න මට පුළුවන් වුණා. එදායින් පසු මේ වනතුරු එහෙම සියලු සෞඛ්‍ය සේවකයෝ එකතැනකට එකතු කරන්න අදටත් බැරි වුණා. අඩුම ගණනේ සයිටම් විරෝධය සඳහාවත් එහෙම ගේන්න බැරිවුණා.
මෙරට ඉතිහාසයේ ඇමති ඇතුළු අමාත්‍යංශයේ සියලූ දෙනා එකට මැයි දින සමරා ඉතිහාස ගත වන දවසක් අද. මේ වෘත්තිය සමිතිවල නොයෙක් අරමුණු ඇති. ඒත් අයිතීන් දිනා ගැනීමේ දී අපි එක තැනකට එනවා. එදා මම සටන්කාමි ලෙස ඉල්ලීම් ඉල්ලූවා. අද ඔබ මොනවද ඉල්ලන්නේ. ඒ ඉල්ලන හැකි හැමදේම දෙනවා. අවශ්‍ය වන්නේ ක‍්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පමණයි.
දියුණු රටවල උසස් වීම් දෙන්නේ කුසලතාව මතයි. ජ්‍යෙෂ්ඨත්වය වඩා කුසලතාවට තැන දෙනවා. ඒ ගැන ඔබේ යෝජනාව හොඳ එකක්. මේ යෝජනාවට අදාලව කෙටුම්පතක් හදන්න කියා මම ඔබලාට යෝජනා කරනවා. කුසලතාව මත ලකුණු දෙන හැටි ගැන අදහසක් කෙටුම්පත් කරන්න. එවිට එයද සලකා බලා මේ පිළිබඳ ප‍්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම්. ’’ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
2025 ඔක්තෝබර් මස 08
1440
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1305
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට - ඇමැති රාජිත
lalithsjm Wednesday, 02 May 2018 01:14 AM
ඇයි ඔබතුමාගේ දූරධර්ශි ක්‍රියා පිළිවෙල නේද මූලික හේතුව කියලා නොකියන්නේ.
ලක්ෂ්මන් Wednesday, 02 May 2018 01:32 AM
ඇමතිතුමාගෙ කථාව හරි. පහසු උදාහරණයක් ලෙසට ගුරුසේවය ගනිමු. කෙනෙක් උපාධිධාරයෙක් ලෙස අද පත්වීමක් අරගෙන පාසලට එනවා. එම පාසලේ අඩුම තරමේ වසර 10 ට වැඩි පුහුනු පාසල් දෙක තුනකවත් සේවය කල පලමු පංතියේ ගුරුවරයෙකුත් ඉන්නවා නමුත් වැඩි සැලකිල්ල ලැබෙන්නෙ අද පත්වීම ගත් කෙනාට. මේ තත්වය වෙනස් කරන තුරු රට හදන්න බැහැ. කොසොල් රජතුමා දුටු සිහින 16 එකක අනාගතයේ මෙය වෙනවා කියා තිබෙනවා.
Vineetha Wednesday, 02 May 2018 04:56 AM
ඇමති ඊටත් වඩා බාදාවක්.