තරිඳු ජයවර්ධන
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා දන්වා යවා ඇත.
සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සේවක ඉල්ලීම් ගැන සාකච්ඡාවට සූදානම් බව කොමිසමේ සභාපතිවරයා විශ්ව විද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතාට ලිඛිතව දන්වා යවා තිබේ.
මෙම වර්ජනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පරිපාලන කණ්ඩායම් අතර එම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹි බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් දන්වා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.