තරිඳු ජයවර්ධන
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහත්වරුන් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පසුගිය නඩු වාරයේ දී නානායක්කාර මහතාට ඇප ඉල්ලා තිබිණි. අද එම ඇප නියෝගය ලබා දෙන හෙයින් නඩුවට මැදිහත් වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.
නීතිපතිවරයා අද නඩුව නියෝජනය කරන බව සැකකරුවන්ගේ පාර්ශ්වයට දැනුම් නොදීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා විරෝධය පළ කළේය. ඕනෑම නඩුවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට අධිකරණයේ පෙනී සිටිය හැකි බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා නීතීඥවරුන් යම් අපහසුතාවකට පත්වූයේ නම් ඒ ගැන කණගාටු වන බව ද ප්‍රකාශ කළේය.
පැමිණිල්ලේ දෙවැනි විත්තිකරු උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාට නඩු භාණ්ඩ විනාශ කරන්නැයි දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්ම නිලයක් හොබවන මෙවැනි නිලධාරීන් එවැනි නියෝග දීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙලෙස කරනවා නම් පොලිස් කොස්තාපල්වරුන් මොනවා කරාවිදැයි ප්‍රශ්න සහගත බව රජයේ නීතීඥවරයා ප්‍රකාශ කළේය.
මෙම අපරාධය හා සම්බන්ධ යතුරු පැදි දෙකක් ගැන තොරතුරු තවදුරටත් සෙවිය යුතුයැයි ද, එක් යතුරුපැදියක හිමිකරු සහ තවත් පුද්ගලයකු මරා දමා ඇතැයි ද, ඒ අපරාධවල විමර්ශන මෙතෙක් අවසන් වී නැතැයි ද, අදාළ සාක්කි විනාශ කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ කවුරුන්දැයි ඔහු මුලදී හෙළි කර නැති හෙයින් ඒ ගැන විමර්ශන සිදු කළ යුතුයැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
මෙම සැකකරුට (හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) එරෙහි පළමු වැනි චෝදනාවට වසර පහක සහ දෙවැනි චෝදනාවට වසර හතක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි කී නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශන අවසානයේ දී මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත යැයි ද අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහි සෙසු විත්තිකරුවන් ඇතැම් විට ඉදිරියේදී මෙම අපරාධය ගැන තවත් තොරතුරු හෙළිදරුව් කරනු ඇති බවත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇප ලබා දුනහොත් තවදුරටත් සාක්කි යටපත් විය හැකි බවත් කී නීතීඥවරයා ඔහුට ඇප නියම කරනවාට විරෝධය පළ කරන බව ද කියා සිටියේය.
ඇප සම්බන්ධයෙන් ලබන 14 වැනිදා කරුණු දක්වන ලෙස සැකකරුවන්ගේ පාර්ශ්වයට නියෝග කළ අධිකරණය උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාක්කි වසන් කළ පොලිස් ලොක්කාට ඇප දෙනවාට නීතිපතිගේ විරෝධය
appuhami Tuesday, 01 May 2018 02:00 PM
කෝ මේ බයියෝ සද්දයක් වත් නැත්තේ?
Samathasena A . Aluthgama Wednesday, 02 May 2018 02:55 AM
හිතවත් ලසන්ත සොයුරා වෙනුවෙන් මාද ඇතුළු සියලු මාද්‍ය සොයුරන් මීට වැඩිය වෙහෙසක් ගෙන ක්‍රියා කල යුතු වෙනවා. මෙම ඝාතනයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටීම ගැන ලජ්ජා විය යුතුයි.