(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය කයිට්ස් පොලිස් වසමට අයත් නාරන්තනෙයි ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේදී සැකකරුගේ ප්‍රහාරයෙකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයෙකු අද (05) යාපනය රෝහලට ඇතුලත් කල බවට කයිට්ස් පොලිසිය කියයි.
නාරන්තනෙයි මධ්‍යම ප්‍රදේශයේ පදිංචි තල් රා මදින්නෙකු වූ රේගන් නැමත්තෙකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට උපපොලිස් පරික්ෂකවරයෙකු ඇතුලු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගොස් ඇත. මෙහිදී සැකකාර රේගන් නැමත්තා අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ දරා ඇත.
සැකකරු අතැතිව තිබූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාගේ කකුලට පහර එල්ල කිරීමෙන් පසු පලා ගොස් ඇත.
සැකකරුගේ පහරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතරම පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති බවටද කයිට්ස් පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ තුන්දෙනෙක් ඉඳලත් මෙහෙම වුණා නම් තනියම හොරු අල්ලන්න ගියොත් ජීවිතෙත් අනතුරේ... කියලයි මට හිතෙන්නේ. මේවගේ දරුණු ගණයේ සැකකරුවන් අල්ලන්න යන පොලිස්කාරයින් ළඟ ඇමෙරිකන් කෝප්ස්ලා පාවිච්චි කරන ස්ටන් ගන් ආරක්ෂක උපකරණය තිබිය යුතුයි කියලයි මං කියන්නේ. ස්ටන් ගන් එකෙන් සැකකරු විනාඩි කිහිපයකට අඩපණ වෙනවා විතරයි වෙන්නේ. ඒ විනාඩියේදී සැකකරුට මාංචු දමන්න පුළුවන්...