(විජේරත්න රත්නායක සහ නිශාන්ත කුමාර)
අද (5) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිය මව සමඟ පාපැදියක යමින් සිටි මහියංගනය බ/ හද්දත්තාව මහ විදුහලේ දැරියක් සහ ඇගේ මව වල් අලි ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කළ බව මහියංගනය පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මහියංගනය අක්කර 80 හි පදිංචි සසුරි සත්සරණි (10) දියණිය සහ ඇගේ මව වන ඩී.එම්.සේපාලිකා කුමාරි (35) යන අයයි.
සිද්ධියෙන් දැරියගේ මව තරමක තුවාල ලබා ඇතත් දැරියට සුළු තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි. ඇයට රෝහලේදී හෝ විභාගයට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන්න