හර්ෂණ තුෂාර සිල්වා
2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී.
මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වූ 2017 - 2018 මූල්‍ය වර්ෂයේදී මගීන්ගෙන් ලද විගණනය නොකළ රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ද සමාගමේ 38ක වසරක ඉතිහාසයේදී එලෙස ලද වැඩිම ආදායම යැයි ද ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ගුවන් සේවයේ මෑතකදී කරන සේවා පුළුල් කිරීම් විශේෂයෙන්ම හයිද්‍රාබාද්, මෙල්බර්න් සහ ගෑන් අයිලන්ඞ්ස් යනාදි නව නගරවලට ගුවන් ආරම්භ කිරීමට එලෙස වාර්තාගත ආදායමක් ලැබීමට හේතුවූ බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ගුවන් සේවයේ භාණ්ඩ අංශය එම මූල්‍ය වසරේදී රුපියල් කෝටි 1,470ක (රුපියල් බිලියන 14.7ක) ආදායමක් ලැබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ නමුත් ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම ලැබූ පාඩුව ඩොලර් මිලියන 100 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,560) ඉක්මවන බව එම සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයේ වැඩ බාරගැනීමෙන් පසු අප්‍රේල් 5 වැනිදා පැවැති පළමු මාධ්‍ය හමුවේදී කීය.
ලබන වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිත මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව ඩොලර් මිලියන 160ත් 130ත් අගයකට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 2,500ක් පමණ) ඇස්තමේන්තු කර ඇතැයි ද සමාගම ගෙවිය යුතු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 750කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 16,800කට) ආසන්න වන බව ද නව සභාපතිවරයා කීය.
COMMENTS
හා... මැජික් ගණන් හැදිල්ලක් වගේ. එතනත් නුසුදුස්සෝ පාරාදීසයක් බව ප්‍රසිද්ධ රහසක්...
ලොකු මහත්තුරුන්ගේ සොච්චම් පඩිය පොඩ්ඩක් වැඩි කෙරුවොත් හිතට අරගන වැඩ කරාවි නේද? ආන්න එතකොට ලාභ ලැබේවි!
ආදායම කෝටි 12,690 ක් වුනාට වැඩක් නැහැ වියදම වැඩි නම්. වියදම් අඩු කරන්න ඕනේ නම්, ශ්‍රී ලන්කන් සේවකයන්ට ලබාදෙන ඉතා ඉහල වැටුප් අඩු කර අතිරික්ත සේවකයන්ව ඉවත් කලයුතුයි. එසේ නැත්නම් සේවාවන් කොටසක් අඩු වියදමකින් පාලනය කිරීමට අවුට්සොස් කල යුතුයි.
පාඩු ලබ ලබා ඕක කරන්න ඕන නැහැ වහලා දැම්මා නම් හරි නැත්නම් කාටහරී බදු දෙන්න පුළුවන් එතකොට අපිට පාඩුවක් වෙන්නේ නැහැ.
කාලෙකට පස්සේ හොඳ නිවුස් එකක් ඇහුවා. දැන් ඉතින් පඩි නැතුව වැඩ කරනවා කීව අධ්‍යක්ෂක මණ්ඩලය ඇති තරම් බෙදාගනියි.
ඉස්සර මේක පුද්ගලික අංශය විසින් පාලනය කරනකොට ලාභ ලැබුවා නේද? මේක පුද්ගලික අංශයට දුන්නොත් වසරකට කෝටි 1560 ම බදු සල්ලි ඉතුරුවෙනවා නේද ? එම මුදලෙන් වසරකට ලංගමට බස්රථ 2000 - 2500 අතර ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් නේද ? පසුගිය වසර 10 තුල සෑම වසරකම මෙවැනි විනාශයක් සිදුවුණා නේද ? ලංගමට වසරකට බස්රථ 2000 බැගින් පසුගිය වසර 10 තුල අලුත් බස්රථ 20000 එකතු කරානම් අපේ පොදු ප්‍රවාහන සේවය ගොඩක් දියුණු කරන්න තිබුන නේද ? ලංකාවේ ජනගහනයෙන් 80% පමණ තම ජිවිත කාලය තුලම ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගමන් කරන්නේ නැත , තත්වය එහෙම තිබෙද්දී ඔවුන්ගේ බදු සල්ලි මේ වැනි දේවලට යොදන එක සාධාරණද ?
ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පාඩුව = ඩොලර් මිලියන 100 ලබන වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිත මූල්‍ය වර්ෂයේදී බලාපොරොත්තු වෙන පාඩුව = ඩොලර් මිලියන 130-160 (මේ වසරට වඩා මිලියන 30-60) මේ දක්වා සමාගම ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය = ඩොලර් මිලියන 750 තවත් කුමන කතාද?
මෙල්බර්න්වලට ගමන් කරන්න යැයි ඉල්ලුවේ මීට අවුරුදු 10කට පමණ කලින්. ගිය ආණ්ඩුවේ උදවිය ඒක තමුන්ගේ පුද්ගලික දේපලක් බවට පත් කරගෙන හිටියා. ලාභ ලබන කිසි දෙයක් කලේ නෑ. කොමිස් ගහන්න, පවුල සංවර්ධනය කරගන්න පුළුවන් දේවල් විතරයි කලේ...