වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් නොකර, රටට ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි බවද පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා අපේක්ෂා කරන්නේ පක්ෂයෙන් වර්ණවත්වන ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හෝ අපේක්ෂකයින් නොව ඔවුන්ගෙන් පක්ෂය වර්ණවත්වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
යම් අපේක්ෂකයෙකුගේ හැසිරීම, චරිතය සහ ජනතා පිළිගැනීම පැහැදිළිව ඔහුගේ ජයග්‍රහණයට හේතු වන බවත් රටට ආදරය කරන සැබෑ චරිතවත් මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ඇති බවත් පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳ මෙම හමුවේදී දීර්ඝවශයෙන් සාකච්ඡාවට ලක් විය.
COMMENTS
ලංකාවේ ජනාධිපති කවුද කියලවත් දන්නේ නැද්ද?
සිරිසේන මහතා ඔබව ඔය තනතුරට තේරීමේදී ඔය කියන හැසිරීම, ජනතා පිලි ගැනීම ගැන ඔබව තේරු අය සොයා බැලුවාද?
ඕක බේරාගැනීමට තිබෙන එකම මග ඕක ඇතුලේ තිබෙන වෘත්තීය සමිති සියල්ල තහනම් කර දමලා ඔවුන් විසින් නිශාන්ත වික්‍රමසිංහ සමග අත්සන් කර තිබෙන සියලුම ගිවිසුම් අවලංගුකර, කලාපයේ අනිත් ගුවන් සමාගම් තම සේවකයින්ට ගෙවන විදිහට දීමන ලබාදී , ගුවන්යානා සමාගම් කළමනාකරණය ගැන දැනුමක් ඇති පළපුරුදු විදේශික කලමණාකාරවරයෙකුට කළමනාකරණය බාරදී , සියලුම දේශපාලන ඇඟිලි ගැසීම් නතර කර , ඉංග්‍රීසි කතාකලහැකි රැකියා නොමැති උපාධි ධාරීන් ලංකාවේ වැඩිපුර දුෂ්කර පළාත් නියෝජනයක් වෙන විදිහට සේවයට බඳවා ගන්න.
ඕකට කමිටු තියතියා ඉන්න ගියොත් තව අවුරුද්දක් දෙකක් යාවි.... කරුණාකරලා ගන්න තීරණයක් ඉක්මනට අරගන්න. මේකෙන් වසරකට වෙන පාඩුව රුපියල් කොටි 1000 -1500ත් අතර, මේවා පුද්ගලික සහ ලංගම බස්වල දුක්විඳිමින් තම ගමන් පහසුව සලසා ගන්න ජනතාවගේ බදු සල්ලි. මෙම මුදල් වාර්ෂිකව ලංගමට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට දුන්න නම් විශාල සේවයක් ජනතාවට වෙනවා.
ජනාධිපතිතුමනි. අප මීට පෙරත් මේ තීරුවේ වරින් වර සඳහන් කරන්න යෙදුණා ඔබතුමාගේ වචන නම් රත්තරන්... නමුත් ක්‍රියාවට නැංවීමේදී පිත්තල නොවෙයි යකඩ තරම්වත් නොවටිනා තත්වයට ඇද වැටිලා තියෙන්නේ කියා. මා මෙය ලියන්නේ ඔබතුමාට බලයට ඒ මට උදව් කළ අයෙක් ලෙසයි. කිසියම් අපහසුතාවයකට ඔබතුමාව පත්නොකර අප ඉල්ලා සිටින්නේ "යථා වාදී තථා කාරී" වෙන්න කියා. කුඩු ගෙන්වන මිනිසුන්ටත් ආසන සංවිධායක කම් දෙන්න ඔබතුමාගේ කිසිම කැමැත්තක් නැති නමුත් ඔබතුමාට එසේ කිරීමට සිදුවන විෂම සාධක ඉවත් කිරීමට අදම අදිටන් කරගනු මැනවි! එවිට ඔබගේ මුවින් පිටවන වචන දියමන්ති වලටත් වඩා වටින්න පුළුවන්.