IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් සංචාරයකට ආවාට බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයකුගේ ධූරය අත්හිටුවයි

2013 වසරේදී ශ්‍රී ලංකා රජයේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට චෝදනා එල්ල වූ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ මන්ත‍්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කර ඇතැයි බෙල්ෆාස්ට් ටෙලිග‍්‍රාෆ් පුවත් සේවය අද (19) වාර්තා කළේය.

එරට පාලක කොන්සර්වේටිව් පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ‘‘ ඩිමොක‍්‍රටික් යූනියස්ට් ’’ පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන ඉයන් පේස්ලිගේ මෙලෙස මාසයක කාලයක් සඳහා මන්ත‍්‍රී ධූරය අත්හිටවනු ලැබ ඇත.
 
පසුව මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටුව විමර්ශණයක් සිදුකළ අතර එමඟින් තීරණය කර ඇත්තේ ලබන සැප්තැම්බර් 04 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් ඉයන් පේස්ලි ගේ මන්ත‍්‍රී  ධූරය අත්හිටුවීමටය.
 
එම මන්ත‍්‍රීවරයා විසින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.ඒ සඳහා එවකට පැවති ශ්‍රී ලංකා රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවට 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අනාවරණය විණි.
 
2014 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධ වන ලෙස ඉල්ලා එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාව සිටි ඬේවිඞ් කැමරන්ට ලිපියක් ද යොමු කළේ ඉයන් පේස්ලි ජූනියර් විසිනි.
 
ශ්‍රී ලංකා රජයේ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ඔහු එවකට බලයේ සිටි රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් ද මුණ ගැසී ඇති බවද බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
 
කෙසේ වෙතත් මොහුගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවීමත් සමඟ බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටීත
 
ඇගේ රජයේ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන ඉයන් පේස්ලි නියෝජනය කරන මැතිවරණ බල ප්‍රදේශය සඳහා එහි ඡන්ද දායකයින් පිරිසක් අතුරු මැතිවරණයක් ඉල්ලා සිටීම ඊට හේතුව වී ඇත.
 
ලබන නොවැම්බර් මාසයේදී  බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වෙන අතර, ඉයන් පේස්ලිගේ මන්ත‍්‍රී ධූරය අත්හිටුවීම ඡන්ද ප‍්‍රතිඵලය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑමේ අවදානමක් පවතින බවද එම වාර්තා වල දැක්වේ.

125



අදහස් (2)

ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් සංචාරයකට ආවාට බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයකුගේ ධූරය අත්හිටුවයි

appuhami Friday, 20 July 2018 02:26 AM

බලන් යද්දී අපේ කට්ටිය පගා දීලත් තියෙනවා

:       26       15

Chandima Friday, 20 July 2018 04:21 AM

මේ ඉතින් අපිට විරුද්ධව කරපු කෙනහිලි කමක්.

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site