ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්තේය. 

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. මෙම තරගය බංගලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.