( චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පවසයි.
එය ඡනාධිපතිතුමාගේ මැයි දින කථාවෙන් අවධාරණය වූ බවත් ඒ සදහා ශක්තිමත් අඩිතාලමක් මැයි දින රැළියෙන් ලැබුණු බවත් ඒ මහතා කියයි.
Zහිටපු ජනපතිතුමා වෙනම පක්ෂයක් යටතේ ඊයේ පැවැත්වු මැයි රැළියෙන් යමක් ඉගෙන ගන්නට ඇති. අහසින් ගත්තු පොටෝ දාල පිට්ටනිය පිරෙවුවත් සමහර මන්ත්‍රීන් නොපැමිණීම, සමහර මන්ත්‍රීවරුන් රැලියට ජනතාව රැගෙන නොයැම නිසා පාක්ෂිකයන් නැවත ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝඡනය කරන අප වටා එක්විය යුතු බවට රටට පණිවිඩයක් දුන්නා“
“මහින්ද රාඡපක්ෂ මහතා මැතිවරණයක් ඉල්ලුවත් මහින්ද රාඡපක්ෂ මහතා ඇතුළු පක්ෂය පළාත් පාළන හා නගර සභා ඡන්දයෙන් පරදිනවා. මැතිවරණවලින් පැරදිමේ පසුබිම එතුමාගේ පවුලෙන්ම ඇරැඹෙනවා.මැතිවරණය ආරම්භ විමට ප්‍රථම එතුමාගේ පවුලේ කිහිප දෙනෙකු අප පක්ෂය වටා එකතු වෙනවා“
“දකුණේ තැන් කිහිපයක් දිනා ගැනිමට ඔවුනට හැකි වුවත් ඔවුන්ට දිනා ගත හැකි තැන් වලට අපේ පක්ෂයේ දක්ෂයින් දැමුවහොත් ඔවුන් පරාජය වීම ඒකාන්තයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද(02) පැවති ‘පරිසරය පුඡනියයි‘ වැඩ සටහනට සහභාගි වෙමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.