IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ගුවන් සමාගම කජු භාවිතය වහාම නවත්වයි

(ආරියරත්න රණබාහු)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු  ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය.
 
එම නුසුදුසු ‘කජු‘ ආනයනය කළ ඩුබායි සමාගමින් නැවත ඒවා ගැනීම නතර කළ බවද කී එම ප්‍රකාශකයා ඉදිරියේදී ගුණාත්මක සුදුසු ආහාර මගීන්ට ලබා දීම කෙරෙහි සමාගම වැඩි අවධානය යොමු කර ඇති බවද කීය.

 



අදහස් (27)

ශ්‍රී ලංකා ගුවන් සමාගම කජු භාවිතය වහාම නවත්වයි

dias Wednesday, 12 September 2018 01:49 PM

ශ්‍රී ලංකා ගුවන් සේවය අද පාඩු ලබන හැටියට මා සිතන්නේ කජු වෙනුවට සාරවිට වැනි දෙයක් මගීන්ට දීම වඩා යෝග්‍ය බවයි.

:       3       385

TDWednesday, 12 September 2018 09:09 PM

ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කළ බව එහි ප්‍රකාශක ගේ ප්‍රකාශයෙන් ම තේරෙන්නේ ජනාධිපතිවරයාට කුණු කජු අසුවනතුරු මෙතෙක් කල් සංචාරකයන්ට ලබා දී තිබෙන්නේ ලාබ ගුණාත්මක ආහාර පමණක් බව ප්‍රකසකයාගේ කතාවෙන් මනාවට පැහැදිලිවේ. සබහපතිවරයාගේ සහ අනෙක් නිලධාරීන්ට අසිඉමිත ඉහල වැටුප් ගෙවීමට සංචාරකයන්ට කුණු කජු විකුනනවා විය හැකිය. ව්‍යාපාරික පන්තිය එකේ මෙහෙමනම් සාමාන්‍ය එක ගැන මොන කතාද.

:       0       211

Perakum Wednesday, 12 September 2018 01:51 PM

ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ තත්වයක ඇති අපේ කජු නැතිවටද ඩුබායි දේශයෙන් කජු ආනයනය කරන්නේ? කාගේ සාක්කුවටද කොමිස් වැටුනේ..?

:       73       643

upaliWednesday, 12 September 2018 03:19 PM

ඩුබායි කජු වග කෙරනේ නැත. ඉරාන වලින් ආනයනකළේ ප්‍රමිතියෙන් තොර කජුය.

:       3       85

පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 01:53 PM

ලෝකයේ හොඳම කජු ලංකාවේ තියෙද්දී එකත් පිටරටින් ගෙන්වන්නේ. කජු සංස්ථාවත් එක්ක එකතුවෙලා අපේ කජු ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න. තේ වලටද එසේම කරන්න එවිට ඔවුන් හොඳ නිෂ්පාදන අඩුවට දෙයි. ඔයගොල්ලන්ගේ කලමනාකාරවරුන්ට හීනෙන් වත් මේ අදහස් පහල වෙන්නේ නැත්තේ ඇයි?

:       0       768

OMGWednesday, 12 September 2018 02:21 PM

දන්නේ නැත්ද නින්ද යන්නැති ලෙඩේ තියන වග.... කොමිස් සල්ලි ප්‍රතිශතය ගැන හිතහිතා ඉන්නවා ඉතින් කොහෙද නින්දක්..?

:       1       158

buddikaWednesday, 12 September 2018 03:35 PM

කජු නෙවේ වතුර බෝතලෙත් ගේන්නෙත් ඩුබායි වලින් , පාඩු වෙන එක අහන්න දෙයක්ද

:       0       247

Dilan UAEThursday, 13 September 2018 05:13 AM

ලංකාවට වැඩිය අඩුවෙන් ඩුබායිවල වතුර ගන්න පුළුවන් බව ඩුබායි ඉන්න අපි තමයි දන්නේ.

:       3       28

Sunil Wednesday, 12 September 2018 02:05 PM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෙරලෙන පැත්ත හොඳා කිව්වලු!!. ජනාධිපති තුමා කජු දෙන්න එපා කිව්වේ නැහැ, කුණු කජු ගුවන් මගීන්ට දෙන්න එපා කියාලයි කිව්වේ. මගින් ගෙන් සුපිරි මිලක් ගුවන් ප්‍රවේශ පත්‍රයට අරගෙනත් එයාලට කුණු වෙච්චි කජු දුනාම හරිද? සවුත්තුයි නේද වැඩේ? ලංකාව සුපිරි කජු නිපදවන රටක්. ඒ නිසා තම ගුවන් මගීන්ට කජු දෙනවානම් හොඳ කජු දෙන්න. ඕක එයාර් ලංකා කාලේ ඉස්තරම් කෑම මගීන්ට සපයපු ආසියාවේ ඉස්තරම් ගුවන් සමාගමක්. එකටත් දැන් ගිහින් තියෙන කල දසාවක හැටි.

:       1       209

jayantha Dasanayaka Wednesday, 12 September 2018 02:16 PM

ටිකට් එකත් ගණන් අනිත් ගුවන් සමාගම් වලට වැඩිය.

:       1       142

Sajan Wednesday, 12 September 2018 02:17 PM

සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුකරමින් නව ජනපති සිදුකල මහා වෙනසට අපගේ ප්‍රණාමය...

:       2       133

sam Wednesday, 12 September 2018 02:53 PM

ඇයි ලංකාවේ කජු නැද්ද ඩුබායි වලින් ගන්න

:       2       131

Sunil Thursday, 13 September 2018 06:44 AM

ඇයි මේ කාරණය තේරුම් ගන්න බැරි. ලංකාවෙන් ගන්නකොට වඩා ඩුබායි වලින් ගන්නකොට නේ සන්තෝසම කපාගන්න පුළුවන් වෙන්නේ?

:       0       4

indika dubai Wednesday, 12 September 2018 04:27 PM

කොහොමත් ඔය කජු දෙවන පන්තියේ එන මගීන්ට ලැබෙන්නේ නැහැ. පළමුවෙනි පන්තියේ එන මගින් ස්වල්පයකට පමණි ලැබෙන්නේ. දෙවන පන්තියේ ආසනවල එන සාමාන්‍ය ජනතාවට කුඩා බයිට් පැකට් එකක් දෙන්නේ.

:       0       144

OMGWednesday, 12 September 2018 06:23 PM

රක් වෙච්ච ඒවා දෙන්න අකමැති නිසා වෙන්න ඇති. පළමුවන පන්තියේ යන්නේ සල්ලි තියන උදවියනේ. ඉතින් ලෙඩ වුනාම බෙහෙත් ගන්න සල්ලි තියනවා. දෙවන පන්තියේ අයට කජු නොදෙන්නේ ඒ ගැන හිතලා. ඉතින් සතුටු වෙන්න.

:       0       122

ජූඩ් Wednesday, 12 September 2018 05:56 PM

ශ්‍රීලාංකන් කජු ප්‍රශ්නය විසදු ඒ වීරෝධාර අසහාය නයකයාට ජාතියේ උත්තමාචාරය......

:       2       333

Samank Wednesday, 12 September 2018 05:57 PM

මහ බැංකු මංකොල්ලය ටත් වඩා සිදුවූ මෙම බරපතළ වංචාවක් ගැන ඔබතුමා ගත් අභීත තීරණය ගැන අපි ආඩම්බර වෙමු

:       294       412

antony Wednesday, 12 September 2018 06:08 PM

කජු විතරක් නොවෙයි. ශ්‍රී ලංකා කාර්යමණ්ඩලයත් අත්හිටුවිය යුතුයි

:       37       26

Bamunuarachchi Wednesday, 12 September 2018 06:20 PM

රට ඇතුලේ තිබෙන කජුත් කන්න බැහැ.

:       30       10

Appuhami Wednesday, 12 September 2018 07:33 PM

ජනාධිපතිතුමනි ඔබ තුමා ගමේ කෙනෙක් නිසා නරකද බුලත්විටක් දුන්නොත් මගින්ට හප හපා යන්න

:       1       152

BamunuarachchiSunday, 16 September 2018 05:14 AM

ඇයි චුයිංගම් නරකද? කෙලගහන්න ඕනෙත් නැහැ බහින කොට පුටුවක අලවා බහින එකනේ තිබෙන්නේ.........

:       0       0

jerami Wednesday, 12 September 2018 11:08 PM

හොඳ වැඩේ ජනාධිපති තුමාට කුණු කජු දුන්නට.

:       1       33

ජානු Thursday, 13 September 2018 01:35 AM

අපි එදාවේල කන්න බැරුව ලතවෙනවා, මෙයා නිකන් හම්බවුණ කජු කන්න බැරිව ලතවෙනවා ,එකම රටක් ඉරණම් දෙකක්....

:       1       37

rocky Thursday, 13 September 2018 02:26 AM

ලේලිත් එක්කම නම් කොහොමටත් කන්න බැහැ!

:       0       2

senarath Thursday, 13 September 2018 03:16 AM

ඔය ලොක්කන්ව පත්කලෙත් එතුමා නේද. අපි ලංකාවෙන් ආහාර ඩුබායි වලට ගෙනියනවා මේ අය එහෙන් අරන් අපිට දෙනවා.

:       0       15

max -katar Thursday, 13 September 2018 02:22 PM

අන්න ඒක තමයි අපි කවදාවත් ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් යන්නේ නැතුව කටාර් එයාර්වේස් යන්නේ. අපේ අයගේ ලොකුකම් බලනවට වඩා ඒක දාහෙන් සම්පතයි. අනික ඒවගේ හැමොටම එකම සැලකිල්ල. වෙනසක් නෑ.

:       0       12

adam Saturday, 15 September 2018 07:57 AM

දැන් කෑම නම් හොඳම නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28483 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10970 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site