( තිළිණි ද සිල්වා)
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මීට අදාළව ඉරාන පාර්ලිමේන්තුවේ ඉකුත් ඉරිදා (16) පැවති ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර එහිදී සිරකරු හුවමාරු පනතට පක්ෂව ඡන්ද 153ක් ද විරුද්ධව ඡන්ද 11ක් ද ලැබී ඇති බව එරට ආරංචි මාර්ග පවසයි. මෙම ඡන්ද විමසීමේදී තවත් මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉරාන ජාතික සිරකරුවන් 15 දෙනෙකු සිටින අතර එරට බන්ධනාගාර වල ලාංකිකයින් තිදෙනෙකු සිටින බව වාර්තාවේ.
සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙම සිරකරුවන් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේ දෙරටටම හිමිවනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටියි.
මේ අතර ඉරාන කතානායක අලි ලරිජානි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම සිරකරු හුවමාරු ගිවිසුම ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
ඉරාන් සිරකරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ය.
ඒක බොහොම හොඳ දෙයක්
අපරාදේ කියන්න බැහැ. අපේ රටේ ඉන්න ඉහළ පැලැන්තියේ අයට හොඳ මීහරක් මොළ ටිකක් පෑදිලා තියෙනවා.. මේ අයට නැට්ටක් තිබුණා නම් මසට දෙන්න තිබුණා.. නැත්නම් හාන්න තිබුණා... අනික ඇඟට නොදැනීම.. අයි.සී.එස්. ලෝක ත්‍රස්තවාදීන් ටික නිදහස් කරන්න යනවා. අනික මේ අවස්ථාවේ .. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඔය රටවල් එකතු වී දැන් සිරියාවට ලෝක ත්‍රස්තවාදයට විරුද්ධව ප්‍රහාර එල්ල කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මොන ගිවිසුම් ගහලා හරි ඉරානය බලන්නේ අපේ රටේ මේ හිර කරගෙන සිටින අයි.සී.එස්. ත්‍රස්තවාදීන් ටික මොන උපක්‍රමයකින් හරි ඔවුන් ලඟට ගන්න මොවුන්ගේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා... ඊට පස්සේ මොකද වෙන්නේ..? මොවුන් මේ කරන විගඩම.. ලෝකයේ බලවත් රටවල් අපේ රටේ වෙන්නේ කුමක්ද කියලා හොඳ විපරමින් ඉන්නේ? දැනටමත් මේ රට අයි. සී. එස්. ත්‍රස්තවාදීන්ට උදව් කරන මරුමස්ථානක් බවට පත්වෙලා ඉවරයි. මේ හිඟන නඩේ කරන අලුගුත්තේරු වැඩ නිසා... මේ රටට ජාත්‍යන්තර සම්බාධක පැනවීමට බොහෝ දුරට ඉඩකඩ ඉඩකඩ ඇති බවට මොවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් මොනවට පැහැදිලි වේ. අැයි මේ රටේ ලොකු අය ගිහින් පවුල් පිටින් ගිහින් ඉරානයේ අයට අල්ලලා එන එකේ... වෙන ක්‍රමයක් ඇත්තේම නැද්ද මොවුන් මුදාගන්න?