IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 0.746ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සෞභාග්‍යය දර්ශකය මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය 2015 වසරේ පැවැති 0.685 සිට පසුගිය වසරේදී එනම් 2016 වසරේදී 0.746 දක්වා ඉහළ ගොස් ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
 
දර්ශකයේ උප දර්ශක සලකා බැලීමේදී 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජනතා සුබසාධන උප දර්ශකවල වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද සමාජ ආර්ථික උප දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවැතී ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි. 
 
 
පළාත් මට්ටමින් සලකා බැලීමේදී මෙරට ඉහළම සෞභාග්‍ය මට්ටම වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාතයි. බස්නාහිර පළාත් 1.272ක අගයක් වාර්තා කරමින් 2015 වසරට සාපේක්ෂව දර්ශක අගය 0.029කින් වර්ධනය වී තිබේ. 
 
 
සබරගමුව පළාත් හැරෙන්නට අනෙක් සෑම පළාතක්ම 2015 වසර සාපේක්ෂව පසුගිය වසරේදී සෞභාග්‍ය දර්ශකයේ ඉහළ අගයන් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  කෙසේ නමුත් සෞභාගය දර්ශකයේ පළාත් ශ්‍රේණිගත කිරීම්වලදී 2015 වසරේදී මෙන්ම 2016 වසරේදී අවසාන ස්ථානයට පත්ව ඇත්තේ නැගෙනහිර පළාතය. 
 
 
ලෙගටම් ආයතනය වාර්ෂිකව සිදු කරන සෞභාග්‍ය දර්ශකය 2017 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 53වැනි ස්ථානයට පත්ව තිබේ. සෞභාග්‍ය දර්ශකය මුල්ම වරට ඉදිරිපත් කරනු ලැබූවේ 2006 වසරේදීය. එතැන් පටන් අවසාන වශයෙන් පසුගිය මාසයේදී නිකුත් කරන ලද වාර්තාව සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව ස්ථාන 34කින් ඉදිරියට පැමිණ තිබේ. 



අදහස් (10)

ශ්‍රී ලංකාව සෞභාග්‍ය දර්ශකයේ ඉහළට

sanath Tuesday, 05 December 2017 05:54 PM

බලාපොරොත්තු කිසිවක් නැති මටනම් හැමදාම සෞභාග්‍ය ඉතිරෙනවා.

:       0       0

Kumara Tuesday, 05 December 2017 05:56 PM

නම්බර් වලින් කිව්වට අපිට ඇගට දැනෙනවා ඉහල ගිහිල්ල තියෙන විදිය.

:       1       160

Raveendra Tuesday, 05 December 2017 06:07 PM

එහෙන් ගස් තොගපිටින් කපනවා අලි ඇතුන් මරනවා , පස් හොරකම වැලි හොරකම මහ බැංකුව හූරන් කාල.... අනේ මන්ද මේ කියන දර්ශකයේ පාටංක වල අවුලක්ද නැත්නම් අපේ ඇස්වල ප්‍රශ්නයක්ද කියල. එසේත් නැත්නම් ඔය කියන සෞභාග්‍ය දර්ශකය හදපු උන්දලාගේ මොලේ කොලොප්පන් වෙලාද ?

:       1       228

පිටිගල මිලානෝ Tuesday, 05 December 2017 08:49 PM

ආයෙත් අපිව ආශ්චර්යට යවන්නද හදන්නේ?

:       0       5

Sathyayaa Tuesday, 05 December 2017 09:52 PM

"සබරගමුව පළාත් හැරෙන්නට අනෙක් සෑම පළාතක්ම 2015 වසර සාපේක්ෂව....." අපුරුයි! වටිනා මැණික් හම්බවෙන සබරගමු දිස්ත්‍රික්කයට හැර අනෙක් හැම දිස්ත්‍රික්කයටම සෞභාග්‍ය උදා වෙලා. බස්නාහිර පළාතට සම්බන්ධව සිදුවූ මහා බැංකු බැඳුම්කර කොල්ලයෙන් ඒ පළාත මැණික් ලැබෙන සබරගමුවට වඩා පොහොසත් වීම පුදුමයක් නොවේ.

:       1       214

lal Wednesday, 06 December 2017 01:04 AM

අම්මපා?.. එහෙනම් තවත් අර වාගේ බිලියන දහස් ගාණක 'බැඳුම්කර' ගණුදෙනු කීපයක් කරානම් තව කොච්චර ඉහල යාවිද?

:       0       126

pansilu Wednesday, 06 December 2017 03:41 AM

ජයවේවා ලංකා මව්නි !!!

:       17       9

Upali Wednesday, 06 December 2017 09:00 AM

ශී‍්‍ර ලංකාව කිව්වට මේක හරියටම කියලා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ දේශපාලකයින්ගේ සෞභාග්‍ය දර්ශකය ඉහළට ගියා කියලා වෙන්නැති...

:       0       548

RaveendraWednesday, 06 December 2017 11:38 AM

Upali මයා වෙත , ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු නමුත් එහි එක්‌ වචනයකට එකගවිමට අපහට කිසිසේත්ම කල නොහැක. මක්නිසාදයත් " දේශපාලකයින් " යනු තම උපන් මවුබිමට අවංකව කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව " ගරු සේවයක් කරන මහත්මා ගතිගුණ ඇති පිරිසකටය " . නමුත් අද අපගේ මවුබිමේ දේශපාලනය කරන්නේ හොර තක්කඩි රැලක් බැවින් "දේශපාලුවන් " යන වචනය බාවිතා කිරීම ඉතාමත්ම යෝග්‍ය වේ.

:       0       411

කරුණාපාල Wednesday, 06 December 2017 11:07 AM

දර්ශක අතින් නම්, අපි ලොව අංක එකේ කප් ගහලා ඉන්න ජාතියක් හා රටක්නේ. ගහලා තියන කප් ටික මේ පොඩි රට ඇතුලේ තියන්න තැනක් හොයා ගන්න එක තමයි අපිට ප්‍රශ්නයකට කියලා තියෙන්නේ?

:       0       159

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site