IMG-LOGO

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ඇමරිකාවේ කණස්සල්ල

(හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.


ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ අතර පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි එම සෑම අවස්ථාවකදීම අවධාරණයෙන් කියා සිටියේය. 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“ දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි”.


මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත එලියට් එංගල්ගේ මූලිකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිලිබදව සිය අවධානය යොමු කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා ඇත.

 



අදහස් (30)

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ඇමරිකාවේ කණස්සල්ල

Nimal Saturday, 10 November 2018 07:57 AM

හයියෙන් අඬන්න තමයි කියන්න ඕනෑ. අපේ දේශපාලන බාධා මොනවා වුනත් කොටින්ට උඩ ගෙඩි දෙන විදේශ රටවල් අපිට අතදානවා බොහොම වැඩියි...

:       3381       4388

සමන් - ඕමානයSaturday, 10 November 2018 09:08 AM

අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට මේ ගොල්ලෝ හැමතිස්සෙම ඇඟිලි ගහනවා. ඒගොල්ලන්ගේ සිද්දවෙන දේවල් වලට අනිත් රටවල් වලට ඇඟිලි ගහන්න ඒ ගොල්ලෝ ඉඩ දෙනවාද? ඕක තමයි කියන්නේ, නිවට අම්බැට්ටයාට එළුවාත් රැවුල පානවා කියලා.

:       0       0

RNG Saturday, 10 November 2018 08:00 AM

එච්චරයි කියන්න තියෙන්නෙ ඔහෙලට..

:       1470       1847

Chris Saturday, 10 November 2018 08:05 AM

අනේ අපට ගිය කල, ඇමරිකාවට ඕනෑ වීදියට තමයි ඉන්න ඕනේ... නැතිනම් එයාලා සතුටු නැහැනේ.. අපි ගැන හරියට කිඹුල් කදුළු හලනවා..

:       1583       1618

daya Saturday, 10 November 2018 08:23 AM

අනුකම්පාව හා ආදරය දෝරෙ ගලනවා.

:       519       1133

Suranga Saturday, 10 November 2018 08:44 AM

මගේ මිනිස්සු තුන් වේල ගැට ගහ ගන්න විදින දුකට ඔහෙඑලට කණස්සල්ල නැද්ද? අනේ මේ, පින් සිද්ද වෙය් අපේ ප්‍රශ්න අපි විසදා ගන්නම්

:       0       0

isurandi Saturday, 10 November 2018 08:54 AM

මෙවැනි දේශපාලන හේතුන් නිසා තමයි රට ආපස්සට ඇදීයන්නේ.ජාත්‍යන්තරය සමග වැඩකරනවනම් ඒ සියලුම රටවලට ඇහුන්කන් දෙන්න වෙනවා.

:       0       0

මහජනතාව Saturday, 10 November 2018 09:18 AM

මේක ඇමරිකාවවත්, යුරෝපයවත්, පාර්ලිමේන්තුවේ 225 දෙනාවත් තීරණය කරන්න ඕන දෙයක් නොවෙයි. තීරණය ගන්න ඕනේ රටේ මහජනතාව. රටේ මහජනතාවටයි ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය. ජනාධිපතිතුමා හරි තීරණය අරගෙන තියනවා. අපේ ආණ්ඩුව අපි තීරණය කරමු.

:       0       0

obama Saturday, 10 November 2018 09:41 AM

සිරියාවටත් ඔය අනුකම්පාවම නැත්තේ ඇයි?

:       447       557

චන්දන Saturday, 10 November 2018 09:42 AM

කරුණාකර ලංකාවේ වැඩ ලංකාවට කරගන්න ඉඩ දෙන්න. ඇමරිකාව ලංවෙලා දියුණු වෙලා තියන රටක් ලොවේ ඇති බව අපි දන්නේ නැත.

:       1362       1483

Gamini Saturday, 10 November 2018 09:50 AM

නුඹලා විනාශකළ ලිබියාව , ඉරාකය වැනි රටවල ජනතාව දැන් ප්‍රජාතන්ත්‍රවාදය හොඳට භුක්ති විඳිනා ආකාරය ලෝකයම නුඹලාට ශාපකරමින් බලා සිටිති.

:       0       0

Nuwan Saturday, 10 November 2018 09:50 AM

ණයට කන අයගේ කටේ තියන හයිය ,

:       0       0

roshan pranandu Saturday, 10 November 2018 10:00 AM

ඉඳි කට්ටක්වත් නිෂ්පාදනය නොකරන අපේ ලංකාවේ තියන අපනයනය කරන දේවල් ගන්න පළමු රට ඇමරිකාව , දෙක යුරෝපය ,ඇමරිකාව යුරෝපය ඇතුළු රටවල් දෙන ආදාර වලින් තමයි බේත් ඇතුළු දේවල් ලැබන්නේ .ආදාර එපා කියල තානාපති කාර්යාල වහුවනම් හරි , එතොකොට එයාලට ඇහුන්කම් දෙන්න ඕන නැහැ .

:       0       0

asanka Saturday, 10 November 2018 11:41 AM

ඔය බටහිර රටවලට අපනයන භාණ්ඩ වන ඇඟලුම්, තේ, රබර් වැනි දේ නොයවා සිටිය හැකිනම්, ඔය රටවලින් පැමිණෙන සංචාරකයින්ට ලංකාවට එන්නට එපා යයි කිව හැකි නම් සහ ඔය රටවලින් අපිට ණය එපා යයි කිව හැකි නම්, අපේ කටයුතු වලට ඔය රටවලට ඇඟිලි නොගසා ඉන්නට යයි කිව හැකිය...

:       1250       2244

RNG Saturday, 10 November 2018 12:49 PM

ඔය රටට විතරයිනෙ අපි භාණ්ඩ අපනයනය කරන්නෙ..ඔය රටෙන් විතරමයිනෙ අපේ රටට සංචාරකයන් පැමිණෙන්නෙ..ඔය රටෙන් විතරමනෙ අපි ණය ගන්නෙ..ඒ නිසා අපේ රටේ ප්‍රශ්නවලටත් මැදිහත් වෙන්න.අනේ අනේ මොකට කියනවද මගෙ කට..

:       0       0

JayaSaturday, 10 November 2018 02:02 PM

තාම ඉන්නේ හිඟන මානසිකත්වයෙන්. ලංකාව විතරක් නෙවේ අසල්වැසි ඉන්දීය පවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්, පිට රටවලින් ණය ගන්නවා. හැබැයි මේ විදියට බටහිර රටවල්වලට දන ගහන්නේ නෑ. තමන්ගේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඉඩ දෙන්නෙත් නැහැ.

:       0       0

NuwanSaturday, 10 November 2018 02:18 PM

ඩිස්ලයික් දැම්මට වැඩක් නැහැ ඇත්ත මේකයි

:       0       0

SamSaturday, 10 November 2018 08:33 PM

ආනයනය සහ අපනයනය සියලුම රටවල් අනෙකුත් රටවල්සමග කරනවා. අමෙරිකාවත් ඉන්දියාවත් ඒ ආනයන අපනයන චක්‍රයේ කොටස් කරුවන්. නමුත් ඉන්දියාවේ හින්දු ජනගහනය වෙනුවෙන් දැන් බලයේ සිටින භාරතීය ජනතා පක්ෂය ඒ කාලයේ ගුජරාට් ප්‍රාන්තයේ මුස්ලිම් ජාතිකයන් ඝාතනය කරා කියා ඇමරිකාව කට අරින්නේ නැහැ. ඔච්චර පිට රටට ගැත්තෙක් වෙන්න එපා.

:       0       0

sunil Saturday, 10 November 2018 12:07 PM

බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇමෙරිකන් පුරවැසිකම් ගත්තේ එය දියුණු රටක් නොවන හින්දද?

:       354       329

සම්පත් Saturday, 10 November 2018 12:35 PM

අනේ හරි දුක ඇති නේද දැන් ඉතින් සෑහේන කාලෙකට ගැති පාලනයක් එන එකක් නැහැනේ හරි පව්. අපි ස්වෛරී රාජ්‍යයක් කියන එක ඒගොල්ලාන්ට මතක නැතිව ඇති.

:       44       236

saroja nilmini Saturday, 10 November 2018 02:10 PM

ඇමරිකාවට බැන්නට එ අය නිසා තමයි අද කාලා බීලා හරි ජීවත් වෙන්නේ, අනික ඕගොල්ලොන්ට කියල දෙයක් තියෙන එකක්යැ. හාල් , තෙල්, පරිප්පු, සීනි , ටිකත් ගන්නේ ඒ අය දෙන ආධාර වලින් තමා.

:       0       0

vipula Saturday, 10 November 2018 05:01 PM

රටේ බෝම්බ පුපුරපු කාලේ මෙහෙම දුක් වුනේ නැහැනේ

:       0       0

Appuhami Sunday, 11 November 2018 12:49 AM

උඩ ඉන්න එක වහලෙකුට පේන්නේ නෑ රට ආයෙත් අත්තනෝමතික ඒකාධිපති පාලනයකට හැරෙනවා කියලා...

:       66       8

anura Sunday, 11 November 2018 02:37 AM

ලොවපුරා ප්‍රශ්ණ ඇති කරමින් ඒවායේ වාසිය ලබාගන්නා රටක කඳුළු සැලීම පුදුමයට කරුණක් නොවේ. ලිබියාව, සිරියාව වැනි ස්ථාවර ආර්ථික තිබුණු රටවල් නරකාදි බවට පත් කරා. කොරියාව, වියට්නාමය, ජපානය , ඇෆ්ගනිස්තානය, ඉරාකය වැනි රටවල සමූහ මිනිස් ඝාතන කරා. දකුණු ඇමෙරිකාවේ රාජ්‍යයන් අස්ථාවර කරගෙන යනවා. ඒ ගනයට අළුතින්ම එක්වූ රට ලංකාවයි. නමුත් මොකක්දෝ හේතුවක් නිසා තවම එය හරියට කරගන්නට ඔව්නට හැකිවී නැහැ. ඒත් ඔව්නට උදව් කරන නිවට දේශපාලකයන් සිටින තාක් කල් ඔව්න්ගේ ප්‍රයත්නය අත්හරින එකක් නැහැ. මෙයට කළයුතු හොඳම දෙය ද්‍රෝහීන්ව නිහඬ කිරීමයි.

:       0       50

NuwanSunday, 11 November 2018 06:38 AM

අනුර මේ ලගදිත් ට්‍ර්ම්ප් කියල තිබ්බ එයට නින්ද යන්නේ නැහැ කියල ලංකාව ගැන පුදුම බයකින් ඉන්නේ කියල දැක්කේ නැද්ද , ඒ මිනිසුන්ට එදිනෙද වැඩ කරගන්නවත් බැහැ අපි වගේ ප්‍රබල රටක වෙන අලකලංචි නිසා

:       0       1

BamunuarachchiSunday, 11 November 2018 05:00 PM

අමරිකාවට කත් අදින මිනිස්සු මෙතනම කොපමණ ඉන්නවාද කියලා බලාගන්න පුළුවනි.

:       0       0

Don Sunday, 11 November 2018 03:37 AM

ඇමෙරිකාව දන්නවා කෙල්ලින්නෙම පිස්සු කියලා........

:       213       5

padmini Sunday, 11 November 2018 09:57 AM

බුද්ධිමත්ව හිතන්ට බැරි වහල් අදහස් ගොඩයි. මේවට ප්‍රතිචාර දැක්වීමත් බොරු වැඩක්... නීතියක්, විනයක් නැතිව වැඩ කරන්ට එපා කියලයි මේ කියන්නේ...

:       0       0

amila Sunday, 11 November 2018 10:52 AM

කොහොමත් රටකට හිතකර දෙයක් වෙද්දී ඇමරිකාවට ගොඩක් අමාරු තමයි. මෙයාලා තමයි ලෝකේ කන්නේ...

:       0       0

don sarath Sunday, 11 November 2018 11:00 AM

ඔය ඔක්කොම හොරු... අහිංසක මිනිස්සු තමයි තැලෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 111 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2242 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site