(ජේ.කේ.එල් චාමින්ද)
ශ්‍රී ලංකාව ආශ්‍රිත සාගර කලාපයට රසායන අප ද්‍රව්‍යන් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අදාල ආයතන පරීක්ෂණ කළයුතු බැව් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මත්ස්‍ය සම්පතට හානි සිදු වන්නේද නැද්ද යන්නද සොයා බැලිය යුතු බවද . හෙතෙම පවසයි.
අද (15) දහවල් ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී රත්නගමගේ මහතා මේ බව සදහන් කළේය.
මෙහිදි රත්න ගමගේ මහතා මෙසේද කිවේය.
අප සොයා බැලුවා 13 වැනිදා වෙන විට ලංකාවේ උතුරු ප්‍රදේශයේ බටහිර වෙරළ තීරයට වෙන්න පුත්තලම උඩප්පුව මන්නාරම ආදී ප්‍රදේශයන්හි රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් සාගරයට එක් වෙලා තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් පිට කරන රසායන ද්‍රව්‍ය.
මේ සම්බන්ධයෙන් අප සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරියේ අදාල බළධාරීන් සමගත් සාකච්ඡා කළා. අපි අවබෝධයක් ගත්තා මේ පිළිබඳව. ආණ්ඩුවට අපි ඉදිරිපත් කරනවා. මේ තත්වය මත්ස්‍ය ජීවීන්ට සහ ශාක වලට ඉතාම බරපතල තත්වයකට පත් වෙලා තියෙනවා.
මීට පෙරත් මෙවැනි අවස්ථා ගණනාවක් සිදු වුණා. ඒ නිසා අපි මේකට අදාල මැදිහත්වීම කරන්න සූදානම්. මේ මොහොත වන විටත් අපි අධ්‍යනය කරමින් සිටිනවා මේකෙන් වෙන හානිය පිලිබඳව .එකක් මේකට රාජ්‍යයක් වශයෙන් මැදිහත් විය යුතුයි. වෙනත් රාජ්‍යයකින් සිදුවන මේ බලපෑමට එරෙහිව ආණ්ඩුවේ බළධාරීන් රජය රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් විය යුතුයි.
COMMENTS
ධීවර ප්‍රජාව විසින් පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය නවත්වන්න මේ පොදු ධීවර සම්මේලනය වැඩපිළිවෙලක් සූදානම් කළොත් තමයි හොඳ. මොකද ධීවරයන් හා ඔවුන්ගේ පවුල් වලින් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදට හා කලපුවලට එකතු කරනවා. එහෙම නැති වුනොත් මේ කතාව අනුන්ගේ ඇහේ තියෙන පොල් කීර හොයනවා වගේ වැඩක්.
නිකන් අපද්‍රව්‍ය නෙමේ රසායනික අපද්‍රව්‍ය කියන්නේ. මේවා මෙහෙම කරන්න බැහැ.. ලෝකේ නීතියක් තියෙනවා.