(මාතලේ මහේෂ් කිර්තිරත්න)
මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය.
එම හමුවේදි රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් ලෙස ශ්‍රි ලංකාව හා මියන්මාරය වැනි රාජ්‍යයන් ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදු කරන විදේශ අතපෙවිම් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට ඉදිරියට තම රටේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදි ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය මෙහිදි තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී ලංකාවට කරන විදේශ බලපෑම් වලට අවුන්සාන් සුකීගේ අකමැත්ත
d.upul Saturday, 03 November 2018 08:45 AM
ඔයාගේ උපදෙස් ඕනේ නැහැ. ඔයාටත් දැන් වැඩ වැරදිලානේ තියෙන්නේ.
rocky Saturday, 03 November 2018 09:10 AM
එයා එහෙම කියපු බවක් අපි කොහොමද දන්නේ?
චමින්ද Saturday, 03 November 2018 10:38 AM
අන්න නියම නායකයො.හැම දුප්පත් රටකටම ආදර්ශයක්.
Sapumal. Saturday, 03 November 2018 10:59 AM
එතකොට මේ සුකීට අපිට තියෙන අභ්‍යන්තර බලපෑම් ගැන පෙනුනේ නැත්තේ ඇයි?
Nandalal DE SILVA - France Saturday, 03 November 2018 11:05 AM
අවුන්සාන් සුකී කියන්නේ මියන්මාර් රාජ්‍යයේ කලකට පෙර පහළ වූ ලොව පිළිගත්, නොබෙල් සාම තෑග්ග පවා හිමිකරගත් වැදගත් චරිතයකි. එහෙත් පසුගිය කාලයේ අසල්වැසි රෝහින්යා මුස්ලිම් සරණාගතයින් වෙනුවෙන් රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි දැරූ දරදඬු පක්ෂග්‍රාහී ප්‍රතිපත්තිය නිසා ලෝක නායකයින්ගේ පිළිකුලට භාජනය විය. බලාගෙන යනකොට ඇයත් අපේ රටේ දේශපාලුවන්ගේ මල්ලට වැටෙන කෙනෙක්... එයාගේ කැමැත්ත හෝ අකමැත්ත අනුව ලෝක නායකයන්ගේ ප්‍රතිපත්ති අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කරවීමට ඇයට හෝ වෙන කෙනෙකුට හෝ බලයක් හෝ අයිතියකුත් නැත!!!
මිලින්දSunday, 04 November 2018 01:15 AM
ඇය මට හිතෙන්නේ බොරු ජාත්‍යන්තර වාදයෙන් මිදිලා වගේ. මෙවැනි නායකයින් අපට අවශ්‍යයි.
සමන්ත Sunday, 04 November 2018 01:55 AM
ඒක හරියටම හරි.
kamal Saturday, 03 November 2018 11:21 AM
මියන්මාරය කියන්නේ රටක්ද?
weerakoon Saturday, 03 November 2018 12:42 PM
විරුද්ධවාදීන් සමුල ඝාතනය කරන හැටි කියාදෙන්න නම් ලංකාවට එන්න එපා...
sirimal Saturday, 03 November 2018 01:50 PM
ඔය කතාව අපි විශ්වාස කරන්නේ ඔයදේම කියලා අවුන්සාන් සුකී මැතිණියගේ කන්තෝරුවෙන් නිකුත් කරපු නිවේදනයක් පෙන්නුවොත් විතරයි.
kenath Saturday, 03 November 2018 06:08 PM
ඉතා වැදගත්. බෞද්ධ රටවල්, බටහිර, කතෝලික හා අරාබි මුස්ලිම් රටවල් වල කෙනෙහිලිකම් වලට විරුද්ධව එක්විය යුතුයි. මේ වෙලාවේ සුකී වගේ ලෝක පුජිත නායිකාවක් අප සමග සිටීම ඉතා අගෙයි. තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් බටහිරෙන් පලදවපු නොබෙල් ත්‍යාගය පවා විසිකර දමන්න තරම් රටට ආදරය කල නායිකාවක්.
අචලා Saturday, 03 November 2018 06:22 PM
මේ වෙලාවේ අවුන්සාන් සුකීව ලංකරගත්ත එක ලොකුම මෝඩකමක්.
ලුම්බිණි Sunday, 04 November 2018 12:00 AM
මේ වගේ අයගේ සහයෝගය ලංකාව තවත් අපකීර්තියට පත් වෙන තැනට යාමක්.
Sana Sunday, 04 November 2018 04:25 AM
ඔබ වැනි කාන්තාවන් බටහිර ගැති සමහර ලංකාවේ අයට ආදර්ශයක් මැතිණියනි...
Dammika Sunday, 04 November 2018 05:47 AM
මියන්මාරය කියන්නේ චීන ණයමර උගුලට අහුවුණ තවත් දුෂිත දේශපාලකයෝ ඉන්න රටක්. චීනය විසින් ඩොලර් බිලියන 7.5 ක අනවශ්‍ය වරාය ගොඩනැගීමක් එහි ඉදිකළා, ලෝක ප්‍රවෘත්ති කියවල බලන්න, සුකී ට බැහැ ලංකාවට උදව්කරන්න අවවාද දෙන්න