(සුජිත් හේවාජුලිගේ )
පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර අතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට තොරතුරු ලැබී තිබේ.
වයඹ සහ ඌව පළාත් සභාවල මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වී තිබෙන බවත් තම දේශපාලන හිතවතුන්ගේ හා ඥාතීන්ගේ දරුවන් රැසක් මෙම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති බවත් හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය ක්‍රමානුකෑලව අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගය පවා උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම බඳවා ගැනීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේදී වැඩපිළිවෙළට මරු පහරක් බව කියන අමාත්‍යංශය මෙවැනි අත්තනෝමතික ක්‍රියා කිසා ගමේ පොඩි පොඩි පාසල් වැසී යා හැකි බවද සඳහන් කරයි

COMMENTS
හරි ඇමතිතුමා, අපි මේ ගැන හොයලා බලලා වහාම පියවරක් ගන්නම්
මේකත් හොඳ නිදසුනක් අධිකරණය හෑල්ලු වෙලා කියන්න .
ඇයි එසේ කලවුන්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු නොකරන්නේ?අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි. විසේශයෙන්ම ඌව පළාතේ ලොක්කා ඒ පළාත ඔහුගේ වෙනම රාජ්‍යයක් හැටියට සලකා කටයුතු කරනවා වගේ පෙනෙනවා. කවුරු ත් ඔහුට බයයි වගේ නේ!
අධිකරණයට අපහකල අය අධිකරණය ඉදිරියට කැඳවන්නේ නැද්ද? එහෙම නැතිනම් අධිකරණ තීන්දු කියන්නේ විහිළුවක් වගේනේද? එහෙම නැතිනම් ලංකාවේ උසාවියෙන් ඇති වැඩක් තියනවද?
මධ්‍යම රජය මෙතරම් අසරණද? නීති කැඩූ පළාත් සභාවලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල නොහැකිද?