IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ශ්‍රීලනිප සහ එජාප පිරිසකගෙන් අලුත් වැඩපිළිවෙළක් - අගමැති


 
අංජුල මහීක වීරරත්න සහ ඡායාරූප - ළහිරු හර්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තමා හමුවී රට ඉදිරියට ගෙන යාම සඳහා අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තලවතුගෙඩ දී අද (12) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අනාගතය දෙස බලා ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කීය.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා වලින් පසුව ඉදිරි වැඩපිළිවෙළ ඉක්මණින් ක්‍රියාත්මක වනු ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා ඒ අලුත් මාර්ගයේ ඉදිරියට යාමට හැකිවෙතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ තලවතුගොඩ ලේක් විව් රෙසිඩන්සීස් නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

 



අදහස් (13)

ශ්‍රීලනිප සහ එජාප පිරිසකගෙන් අලුත් වැඩපිළිවෙළක් - අගමැති

MAHESHIKA Thursday, 12 April 2018 10:20 AM

කරගෙන ආපු වැඩ ටික දිගටම හරියට කරගෙන ගියානම් ඔබලත් ගොඩ රටත් ගොඩ.

:       381       410

HafeelThursday, 12 April 2018 01:54 PM

එහෙම මොනවද කරගෙන ආපු වැඩ?

:       360       337

AnuraSaturday, 14 April 2018 03:21 AM

රට කරපු එක

:       0       0

BamunuarachchiTuesday, 17 April 2018 01:05 PM

කරගෙන ආපු වැඩ ටික තවත් කරගෙන ගියා නම් ඒ ගොල්ලෝ ගොඩ... රටයි, බැංකු ටිකයි වලපල්ලේ නේද මහේෂිකා?

:       0       0

ඩී. ජයදේව Thursday, 12 April 2018 11:39 AM

අපරාදේ කියන්න බෑ, අළුත් වැඩපිළිවෙළවල් නම් මාසෙකට දෙක තුනක් එනවාම තමයි

:       9       174

Sunil Thursday, 12 April 2018 07:10 PM

මෙහෙම ඇහැව්වට කමක් නැහැ නේ? 2015 ඒ වැඩපිළිවෙලයි 2018 මේ වැඩ පිළිවෙලයි දෙකම එකද නැතිනම් වෙනස්ද?

:       0       1

Sunil Thursday, 12 April 2018 07:13 PM

කොයි දේටත් තියෙන්නේ තව පෝය 16 යි නොවැ

:       0       1

sanath Thursday, 12 April 2018 07:16 PM

මහේෂිකා, අනේ කරුණාකර කරපු වැඩ මොනවාද කියන්නකෝ?

:       51       27

dasa Friday, 13 April 2018 02:28 AM

2020 වෙනකල් මොන මොනවා හරි කිය කිය ඉමු.

:       0       5

Nuwan Friday, 13 April 2018 06:50 AM

මොනවද කරගෙන ආපු වැඩ?

:       0       16

Bamunuarachchi Saturday, 14 April 2018 06:38 PM

කෝ මහේෂිකා? උත්තර දෙන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:09 PM

අරගොල්ලන්ගේ පල්ලි නොතිබුණු පළාත... දැන් පල්ලි කීයක් හැදේවිද දන්නේ නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:14 PM

අපි කොළඹ තිබුණු ගෙවල් විකුණලා 1970 ගණන්වල මේ පළාතට ආවේ නිස්කලංකව ඉන්න. මේ දේසපාලකයෝ එ්කත් කෑවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1104 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site