(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගෙන් හය දෙනකු හැර අනෙක් සියලු දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පැවසීය.
ඡන්දය ලබා නොදෙන හය දෙනාත් ජනාධිපතිවරයා පැවසුවහොත් ඡන්දය ලබා දේවි යැයිද ඔහු කීවේය.
විශ්වාසභංග යෝජනාවට තමා දැනටමත් අත්සන් තබා ඇතැයිද කී ඒකනායක මහතා විශ්වාසභංගය දිනවා මිස ගමට නොඑන්නැයි ජනතාව ඇවිටිලි කරන බවද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අප්‍රේල් 02 වැනිදා පැවැත්වෙන බවත් එහිදී මේ පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හය දෙනාගේ නම් කියන්නකෝ.
මෙයා දවල් හීන දකිනවා
මේපාර කාට කාටත් තනතුරු දාලා යන්න වෙනවා. ,මේක තමයි පාර්ලිමේන්තු ඉරණම.
සැබෑවක්ද ඔබ ඔය පවසන්නේ?
මුන් රටේ කළමනාකරණය දන්නේ නැති උනාට මේ ගණන් නම් හදනවා ගොන්නු වගේ. මුනුත් හරියට ඉංග්‍රීසි වචනයක් බැරි රේස් ඔට්ටු කාරයෝ වගේ.
ලිබර්ටි ප්ලාසා එකේ හැමෝමත් පක්ෂයි
මේ සියලුදෙනාම ආණ්ඩුවෙන් ගහලා එලවන්න ඕනේ. මේ අය මහින්දගේ කාලේ අය එක්ක පුළුවන් තරම් හොරකම් කරලා එ්ක පැරදුණාම මේ ආණ්ඩුවට එකතුවෙලා ඒවා වහගෙන දැන් එනවා මහින්දට කඩේ යන්න. මොකද අායෙත් ඒ අය එක්ක හොරකම් කරන්න පාර හදා ගන්න මේ අයව ශ්‍රීලංකා හෝ සන්ධාන පක්ෂ වලින් එළවා දැමිය යුතුය. ජනතාවට කිසිම සේවයක් නොකර ජනතා මුදල් වලින් යැපෙමින් ජනතා මුදල් හොරකම් කරමින් ඉන්න හා මේ සියලු දෙනාගේම ප්‍රජා අයිතීන් තහනම් කල යුතුය. නැවත දේශපාලනයට එන්න බැරිවෙන්න.
ගමට යන්න බැරිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු