IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 9ක්

අජන්ත කුමාර අගලකඩ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධානයකවරු නව දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ පත් කරනු ලැබූහ.
 
මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා ලෙස ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද, කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගරාධිපති පී එම් බුද්ධදාස යන මහත්වරු ද, මතුගම ආසනයේ සම සංවිධායකවරු  ලෙස ප්‍රියංගනී අබේවීර මහත්මිය සහ සුරංග ප්‍රභාත් මහතා ද පත් කරනු ලැබ සිටිති.
 
බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස අමිලක හර්ෂණ කාරියවසම් මහතා පත් කර සිටින අතර  කරන්දෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස එන් ඩී සුසන්ත ලාල් ජයවීර මහතා පත්ව සිටී. 
 
හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස තිසර ගුණසිංහ මහතා ද, යාපහුව සංවිධායකවරයා ලෙස වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා ද පත් කරනු ලැබ සිටිති. 
 
ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපතිකාර්යාලයේ දී සිදුවිණි.



අදහස් (0)

ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 9ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site