(විනීතා එම් ගමගේ/ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ දේශපාලන ශාස්ත‍්‍රාලය, එම පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද(19) පෙරවරුවේ ආරම්භ විය.
පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුනට පමණක් නොව දේශපාලනය ගැන උනන්දුවක් ඇති ඕනැම තරුණයකුට හෝ තරුණියකට මෙම දේශපාලන ශාස්ත‍්‍රාලයට බැඳී දේශපාලන දැනුම ලැබිය හැකිය.
පක්ෂයේ තරුණ පිරිස් පක්ෂ යාන්ත‍්‍රණයට පෙළ ගැස්සවීමත් ඔවුන්ගේ අදහස් හා යෝජනා පක්ෂය ඉදිරියට ගෙන ඒමත් මෙම දේශපාලන ශාස්ත‍්‍රාලයේ අරමුණ බව එම සමාරම්භක උත්සවයට සහභාගි වූ ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.


COMMENTS
නියම ගුරා ගෙන් පාඩම් ලබාගන්න .ඉක්මනට ජනාධිපති වෙන්න පුලුවම්.
මේකේ උගන්වන්නේ මේ ගොල්ලොමද ? හොඳට තියෙයි අනාගත පරම්පරාව .
මේකට ඇතුළු උනොත් "එක ගෙයි කෑම"ඉගෙන ගන්න පුළුවන් වෙයි.
පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුනට පමණක් නොව වයසක උදවියත් මේකෙන් ඉගෙන ගත්තොත් නරකද?
විනය පිලිබඳ ශාස්ත්‍රාලයකුත් පටන් ගත්තොත් හොඳ නැද්ද? ජෝන් පුල්ලේ මැතිතුමාගේ නිවසට දෙපලට වෙච්චි දේ ලංකාදීපෙන් දැනගත්තට පස්සේ එහෙම අහන්න මට හිතුනා.