IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෙළඳපලේ අලෙවිවන කහ කුඩුවල පාන්පිටි - වර්ණක

(ඩයනා උදයංගනී)

වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි , සහල් පිටි සහ වර්ණක ආදිය මිශ්‍ර කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරීක්‍ෂාවක දී හෙළි වී තිබේ.

වෙළඳපොළෙහි ඇති කහ කුඩු බහුතරයකම සියයට 50 ත් ඊට වැඩි ප්‍රමාණවලිනුත් පිටි වර්ග හා වර්ණක මෙන්ම රසකාරකද අන්තර්ගත බව එම පරීක්‍ෂාවේ දී හෙළි විණියැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජාසූර් මහතා ලංකාදීපයට පැවසීය.

දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවියට ඇති කහ කුඩු සාම්පල් ලබාගෙන කළ පරීක්‍ෂාවක දී මේ බව හෙළිවිණි යැයි ද සහකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් අඩු කහ කුඩු අලෙවි කෙරෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති පැමිණිලි අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවියට ඇති කහ කුඩු සාම්පල ලබාගෙන පරීක්‍ෂා කර බැලූ බව ද ඔහු කීවේය.

එම කහ සාම්පල රජයේ රස පරීක්‍ෂකවරයාට ද යොමු කර පරීක්‍ෂා කර බැලූ බව කී ජසූර් මහතා පරීක්‍ෂා කළ සෑම කහ සාම්පලයකට සියයට 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පිටි හා වෙනත් ද්‍රව්‍ය අන්තර්ගතව තිබූ බව ප්‍රකාශ කළේය.

එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම කහ කිලෝවකට පනවා ඇති රුපියල් 750ක උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව ජසූර් මහතා කීවේය.

කහ කුඩු කිලෝව රුපියල් 4000, 6000 වැනි ඉහළ මිල ගණන්වලට විකුණන අය සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර කහ අලෙවි කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 යන දුරකතන අංකයෙන් ඒ ගැන දැනුම් දෙන්නැයි පාරිභෝගිකයින්ට දැනුම් දෙන බව ද ඔහු කීවේය.. 

 



අදහස් (1)

වෙළඳපලේ අලෙවිවන කහ කුඩුවල පාන්පිටි - වර්ණක

Bamunuarachchi. Tuesday, 18 August 2020 10:34 AM

අහන්න දෙයක්ද? මිනිසුන්ගේ කෑමට අත්‍යාවශ්‍ය දෙයක් ගෙන්වීම තහනම් කළාම මෙහෙම දේවල් සිදුවෙනවා. රටේ කහ අස්වැන්න ලැබුණායින් පසුවයි ගෙන්වීම තහනම් කරන්න තිබුණේ. ඒ ඒ බෝගවලට සරිලන ප්‍රදේශ සොයාගෙන එකවර අක්කර සිය ගාණක එම බෝගයම වගාකළ යුතුයි. අය කෘෂිකර්ම නිලධාරන්ගේ අධීක්ෂකයන්ගේ සිදුවිය යුතුයි. වගාවලට ආධාර දෙන්නේ නම් ගොවියාට හිතෙන හිතෙන දේ වගා කිරීම ඉඩ නොදිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 560 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site