IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


වාහන වලින් බඩු සොරකම් කළ යුවළ අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් නවතා තිබෙන වාහන වලින්  ඉතා සූක්ෂම ලෙස දොරවල් විවෘතකොට වාහන වල ඇති දෑ සොරාගන්නා පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සැකපිට 07 දින දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ වාහන වලින් සොරාගන්නා ලද භාණ්ඩ චෙක්පත් හැදුනුම්පත් මුදල් පසුම්බි ජංගම දුරකථන මෙන්ම වාහන ලියාපදිංචි රිසිට්පත් රියදුරු බලපත්‍ර බොහෝ දෙනා ගේ ඡායාරූප චෙක්පත් ආදී බැංකු කාඩ්පත්  රැසක් සොයා ගත් බව පොලිසිය කියයි.


දැනට සිදුකරන පරීක්ෂණවලදී වාහන රැසකින් සොරාගත් භාණ්ඩවල කොටස් රැසක් සොයාගෙන ඇති අතර ඒවා අයිතිකරුවන් සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.


සිය බිරිඳ සමග දඹුල්ල කණ්ඩලම පාරේ  ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නැවතී සිටිමින් මෙම පුද්ගලයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු  දීවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් වාහනවල භාණ්ඩ සොරා ගැනීම වාහන සොරාගෙන කැබලි කොට අලෙවි කිරීම ගෙල බැඳි රන් මාල කොල්ලකෑම ගෙවල් බිඳුම් ආදී චෝදනා රැසකට වැරදිකරු හා දඬුවම් නියම වූ මෙන්ම අධිකරණය මගහැර මින් සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


මෙම පුද්ගලයා රැගෙන එන භාණ්ඩ අලෙවි කිරීම මුදල් බවට පත් කිරීම උකස් තැබීම සහ මෙම පුද්ගලයාට විවිධ අධිකරණ වලට ගොස් ඇප තැබීම සිදු කිරීම බිරිඳ විසින් සිදුකරන බව පොලිසිය කියා සිටී. මහියංගන ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය කියයි .මොවුන් දෙදෙනා සමග කුඩා දරුවන් දෙදෙනෙකු ද පොලිස් භාරයේ පසුවෙති.

 

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා සිදුකරන ලද තවත් වංචනික ක්‍රියාවක් හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවී  තිබේ. එනම් තමන් ගේ රුවට සමාන අයෙකුගේ වාහන පදවන රියදුරු බලපත්‍රය පාවිච්චි කරමින් ඔහු නමින් පෙනී සිටිමින් සොරාගන්නා රන් භාණ්ඩ අලෙවි කොට තිබෙන බවය.


කොළඹ ගම්පහ අත්තනගල්ල දී ප්‍රදේශ කිහිපයක ම සුපෝඛබෝගී වාහන සොරා ගෙන ඒවා කැබලි කොට අලෙවි කිරීමේ ජාවාරම් රැසක් තමන් විසින් සිදුකළ ඇති බව සැකකරුගේ පාපොච්චාරණය වලදී හෙළිදරව් වී ඇතැයි පොලිසිය කියයි,


යකඩ අඩිරූලක් හා සමාන පටියක් උපයෝගී කරගෙන මෙම පුද්ගලයා හෝ වාහනවල දොරගුලු ඇරීම සිදුකරන බවත් වීදුරු කැපීම සඳහා උපයෝගී කරගන්නා මෙවලමක් උපයෝගී කරගෙන වාහනවල ඇතුළත දොරවල් විවෘත කරන බව එම උපකරණ ද අත්අඩංගුවට ගෙන තිබේ. බොහෝ දෙනාගේ බැංකු කාඩ්පත් වලින් විශාල වශයෙන් භාණ්ඩ ලබා ගැනීම ද මොහු විසින් සිදුකර ඇතැයි ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකිරීමේදී හෙළිදරව් වී ඇති බව පොලීසිය කියයි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂකවරුන් වන සාමේන්ද්‍ර  ලක්ෂමණ එස් .එස් .හේරත්  යන මහත්වරුන් පොලිස් කොස්තාපල් 77 199 චතුරංග 82 674 අබේරත්න කාන්තා පොලිස් නිලධාරිනිය 87 55 අජන්තා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
 
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් දැනට ඔහු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන මුදල් පසුම්බි බැංකු කාඩ්පත්  වාහන බලපත්‍ර රක්ෂණ හිමිකම් බලපත්‍ර අයිතිකරුවන් වෙතොත් දඹුල්ල පොලිසියට පැමිණෙන්නැයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඉල්ලීමක් ද කර සිටී.



අදහස් (2)

වාහන වලින් බඩු සොරකම් කළ යුවළ අත්අඩංගුවට

Lapaya Saturday, 07 April 2018 11:23 PM

ඉදිරියේදී මුන්ට කිසිම රටට ආදරය කරන පුත්ගලයන්ගෙන්, ආරක්ෂක හමුදා සේවාවක සාමාජිකයෙක් හෝ එම පවුල්වල අය ගෙන් චන්දයක් ලැබෙන්නේ නැහැ.

:       0       0

rocky Sunday, 08 April 2018 02:07 AM

කවරෙකු වුවත් මේ මිනිහා බොහොම දක්ෂ යෙකු බව පෙනේ. හොඳ වැඩකාරයෙකි. ප්‍රාදේශීය සභාවක සභාපතිකමට නියම බඩුවකි. මොහුගේ ගැහැණු සතාටත් ඇමති උපදේශක තනතුරක් දීමෙහි වරදක් නැත. සංවර්ධනයට හරි පාර!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 140 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 986 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site