(සමන්පාලිත නානායක්කාර)
කඳුකර ප්‍රදේශයට ඇද හැලෙ තද වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා බදුල්ල ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇතැයි දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය කියයි.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල 181 කිලෝ මීටර් කණුව ආසන්නයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලිසිය කියයි.
කලුපහන වීරකෝන්ගම බඹරකන්දට යන මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගම්වාසීහු කොටුවී ඇතැයි ද වර්තාවේ.
වල්හපුතැන්න ගිනිගත්ගල මාර්ගයට පස් කඳු කඩාවැටීමෙන් එම මාර්ගයේ ද පස් කඳු කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ ගම්මාන කීපයක පිරිස් කොටුවී ඇතැයි ද දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd