IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක්

(ඩයනා උදයංගනී)
 
ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 
විශේෂයෙන් මෙම මස 16 වැනිදා පමණ තෙක් දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඒ අවස්ථාවලදී අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
 
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල ප්‍රබල අකුණු සමඟ පැයට කිලෝමීටර 70 - 80 පමණ වන කෙටි කාලීන තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිට ආරක්‍ෂිත ගොඩනැගිල්ලක හෝ සවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත්, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි, ජලාශ වැනි විවෘත ස්ථානවල නොසිටින ලෙසත්, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කළ උපකරණ භාවිතයෙන් හා බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් ද වැළකී සිටින ලෙසත් ජනතාවට දැනුම්දීමක් කරන බව ඔහු සඳහන් කළේය.



අදහස් (2)

වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක්

ධනුෂ්ක Tuesday, 10 April 2018 02:31 PM

තද වැසි තමා ඕනේ අවුරුදු 3න් හරියට වැහැලා නෑ. ගේ දොර යට වුනත් කමක් නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න වතුරයි ඕනේ. මේ අවුරුද්දත් වැස්සේ නැත්තම්. වවා ගත්ත ඉඩකඩම් ටික ඉවරයි. කැලේ ඉන්න සත්තු ටිකත් ඉවරයි. මිනිස්සුනම් කොහොම හරි ජීවත් වෙයි.

:       105       189

ගලබොඩ අත්තේ චමින්ද Wednesday, 11 April 2018 08:28 AM

ගරු දේශපාලකයනි, ප්‍රවේසම් වන්න. මිනිසුන්ගේ හිත වල කැකෑරෙන වේදනාවට අකුණු වුනත් ඔබලා වෙත පැමිණිය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site