(විනීතා එම් ගමගේ)
ඉදිරි යළ කන්නයේ රසායනික පොහොර භාවිතා නොකරන වස විස නැති කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා සාධාරණ සහනාධාරයක් අවශ්‍ය යැයි වස විස නැති ජාතික ගොවි ජාලය රජයෙන් ඉල්ලීමක් කරයි.
රජය විසින් පසුගිය සමයේ මුළු සහනාධාරයම මුදල් සහනාධාරයක් ලෙස රුපියල් 5000 බැගින් ඉකුත් මහ කන්නයේ දී ලබා දුන් බැවින් කාබනික ගොවිතැන කරන ගොවීන්ට ද එම මුදලින් කාබනික පොහොර ලබා ගත හැකිවූ නමුත් රසායනික පොහොර භාවිතා කරන ගොවීන්ට එම සහනාධාරයට අමතරව රුපියල් 1600ක මුදලක් පොහොර සමාගම් වෙත ලබා දීම නිසා රසායනික පොහොර භාවිතා කරන ගොවීන්ට රුපියල් 6600 ක් දක්වා සහනාධාරයක් ලැබුණු බවත් එම ගොවි ජාලය පෙන්වා දෙයි.
එබැවින් මෙම සමස්ත මුදලම එනම් රුපියල් 6600 ම කාබනික වගාව කරන ගොවීන්ට ද ලැබෙන ක‍්‍රමයක් සකස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව වස විස නැති ජාතික ගොවි ජාලයේ කැඳවුම්කරු එස් කේ සුභසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිරියේ දී පොහොර සඳහා වන සහනාධාරය මුදලින් දීම වෙනුවට පොහොර ලෙස දීමට රජය තීරණය කොට ඇති බැවින් කාබනික පොහොර භාවිතා කරන ගොවින්ට සුදුසු ක‍්‍රමවේදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි කී ඒ මහතා අක්කරයකට රුපියල් 7000 ක සහනාධාරයක් ලබා දී වස විස නැති වී වගාව ප‍්‍රචලිත කිරීමට දායක වන්නැයි ද ඉල්ලා සිිටියි.
එමෙන්ම රසායනික පොහොර භාවිතා කරන්නන් සඳහා අනුගමනය කරන වැඩ පිලිවෙළ අනුව යමිනන් කාබනික වගාව කරන ගොවින්ටද අක්කරයක් සඳහා රුපියල් 40000 ක වගා රක්ෂණයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටින බව සුභසිංහ මහතා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වස විස නැති කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට සහන ඕනෑ‘