(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් සොයාගත් පිළිකාරක සහිත පොල්තෙල් පිළිබදව විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් පත්කරන ලද මෙම විශේෂ විමර්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී නම් කර ඇති බව වාර්තා වේ.
පෞද්ගලික සමාගම් හතරකින් ආනයන කළ ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තත්ව පරීක්‍ෂණයෙන් තහවුරු වූ පොල්තෙල් අඩංගු කන්ටේනර් 100 ක පමණ පොල්තෙල් මෙටි‍්‍රක්ටොන් 2000 ක් පමණ මේ වන විට රේගු බාරයේ ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ස`දහන් කරයි.
COMMENTS
ආහාරයට ගන්නා සහ පීසීමට යොදා ගන්නා වශයෙන් තෙල් වර්ග දෙකක් ඇත. පොල් තෙල් බීමට ගැනීමක් ගැන ඉන්දීය සාම සාධක හමුදාව පිටත්ව ගිය පසු අසන්නට නොලැබෙන බැවින් වලිගය මතින් තම පාදය ඉවත් කර ගෙන සිත් සේ තෙලෙන් බැද ගෙන කා කොලොස්ටරෝල් උත්සන්න කරගෙන විදවීම අඩු මරණය කට සියලු ලක් වාසී අපට දැන් පෙර පැවති අවස්ථාවම.