(ප්‍රසාද් මුතුකුඩ)
ලෙබනනයේ වීසා නොමැතිව රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 දෙනෙකු එරට පොදු සමාව ලැබ (4) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියහ.
ගෘහ සේවිකාවන් ලෙස රැකියා කිරිමට විධිමත් වීසා නොමැතිව සිට ඇති එම පිරිස හට එරට රජය විසින් ප්‍රකාශ කර තිබු පොදු සමා කාලය යටතේ රටින් පිටවීමට ලබාදී තිබු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ලෙබනන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සහ විදේශ සේවා කටයුතු අමාතයංශය එක්ව ඔවුන්ව තම මව්බිමට ඒමට කටයුතු සලසා දී තිබිණි.
මෙලෙස පැමිණි පිරිසට සියලු පහසුකම් සහිතව ඔවුන්ගේ නිවෙස් වලට යාමට කටයුතු කළ බව කටුනායක ගුවන්තොටුපළ විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම පිරිස අතර අනුරාධපුරය, හලාවත ,මීගමුව ,මාතර ,ගාල්ල ඇතුළු විවිධ පෙදෙස්වල පදිංචි කාන්තාවෝ සිටිති.


COMMENTS
ඉවත විසිකරන දණ්ඩක් වුවත් පැලවෙන සරු පොළවක් තිබෙන රටක ගංගා සහ ඔයවල් 103 ක් ගලා බසින පින්වත් භූමියක, පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලි ලත් සුන්දර දිවයිනක, "මගේ මේ උත්සාහය රජ සැප පිණිස නොව හුදෙක් බුදුදහමේ චිර්ස්ථිතිය සඳහාය" පැවසු දුටුගැමුණු මහරජතුමාට මඟ පෙන්වූ විහාර මහා දේවිය, සොළීන්ගෙන් මව්බිම ගලවා ගැනීමට වළගම්බා මහ රජතුමාගේ ජීවිතය රැකදීමට රියෙන් බැස සිය කැමැත්තෙන් සොළින්ට අසුවූ සෝමා දේවිය වැනි වීර කාන්තාවන්ට සෙවණ සැලසූ දේශයක වත්මන් අම්මාවරුන් අරාබිකරයේ වහල් සේවයට පටවන දේශ පාලුවන් සිටින මගේ මව්බිම...
අනේ අහිංසක මිනිසුන් විඳින දුක. කලණි, කියන දේ හරියටම හරි. 1948න් පසුව මොකද වුනේ? අද ඩී.එස්. සේනානායකලා අද අපිට නැහැනේ...