(ජුඩ් සමන්ත)
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5862 ක් අවතැන් වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
ප්‍රදේශයේ ලොකු කුඩා වැව් සියල්ල මේ වන විට පිරී ගොස් අවසන් වී ඇත.
කඩුපිටිඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව ප්‍රදේශ ජලයෙන් යටවී ඇත. මෙම මාර්ගයේ බර වාහන පමණක් ගමන් කරන අතර,සැහැල්ලු වාහන සහ යතුරුපැදි ගමන් කිරීම අනතුරු දායක බව පොලීසිය සදහන් කරයි.
කටුපත වැව පිටාර ගැලීමත් සමඟ මහාමාඑළිය වැව් බැම්ම කැඩී යාමත් සමඟ පුත්තලම - හලාවත මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.
රතඹලාඔය පිටාර ගැලීම හේතුවෙන් ආණමඩුව - හලාවත මාර්ගය සේරුකැලේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, මදවක්කුලම ගම්මානයේ ස්ථාන කීපයක්ද ජලයෙන් යටවී ඇත. මදවක්කුලම ගම්මානයේ කිරි ගවයින් විශාල පිරිසක් ජලයට ගසා ගොස් ඇති බව ගම්වැසියෝ පවසති.
කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට ඇත. එළුවන්කුලම සපත්තු පාලමෙන් අඩි 3 ½ ක පමණ ජලයක් ගලා යන බව නාවුක හමුදාව සඳහන් කළේය.
තබ්බෝව ජලාශයේ ජල මට්ටම අඩි 16 යි අගල් 03 ක් දක්වා ඉහළ නැග ඇත. එහි වාන් මට්ටම වන්නේ අඩි 17 ½ ක් බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. රාජාංගනය ජලාශයේ වාන් මට්ටම අඩි 34 ½ ක් වන අතර,මේ වන විට ජලය අඩි 33 දක්වා ඉහළ ගොස් ඇත.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ක් අඩි 1 බැගින් විවෘත කර ඇත. ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 25000 ක් දැදුරු ඔයට මුදා හැරේ. මෙම තත්ත්වය නිසා දැදුරු ඔයද පිටාර ගලන්නට පටන් ගෙන ඇත.
මේ අතර,මුහුද රළු වීම හේතුවෙන් මහවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාමඩු වැල්ල මුහුදු තීරය සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරුකුපනේ වෙරළටද හානි සිදු වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැස්සෙන් පුත්තලමේ පවුල් 1486 ක් අවතැන්
සමීර Tuesday, 22 May 2018 05:03 AM
ලංකාවේ මහා වැව් හැරුනම ග්‍රාමීය වැව් 8000 ක් තියෙනවා. වේලිලා ගිය ඒවත් එක්ක එක්ක බලනකොට 12000 කට ලං වෙන්න තියෙනවා. වැව් 8000 ක් පිරෙන්න වැස්සද දැන්? පායන කාලෙට ඒවා සුද්ද කරන්න ආණ්ඩුවට ඕනෑකමකුත් නෑ. ගම් වල ඉන්න මිනිස්සුන්ට උවමනාවකුත් නෑ. වැව් හැදිල්ල පැත්තකින් තියමු. ගමේ පන්සල, පල්ලිය වත් මුල් කරගෙන ආධාර ටිකක් එකතු කරලා ගමේ අය එකතු වෙලා පාරේ වලවල් ටික වහගන්නවද? අතපය හොලවන්නේ නැතුව කට විතරක් හෙල්ලුවොත් ජාතියම හේදිලා යනවා තමයි.