(බිඟුන් මේනක ගමගේ)
අධික වර්ෂාව හේතුවෙන් විපතට හා අවදානමට පත් ජනතාව ජීවිත හා දේපොළ ආරක්ෂා කරනු පිණිස වහා විශේෂ සැලැස්මක් සහිතව මැදිහත් වන්නැයි උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ රජයෙන් ඉල්ලා සිටී.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 66.9 %ක් නායයාමේ අවදානමේ තිබෙන බව 2015 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ වාර්තාවකින් හෙළිදරව් කළ ද අවදානම උග්‍ර කිරීමට ඉවහල්වන රජයේ ක්‍රියාමාර්ගවල අඩුවක් නොවී යැයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ එක දිගට දින 15 කට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලුණු වැස්සෙන් පාෂාණ ස්ථර ලිහිල්වී සැලකිය යුතු ප්‍රදේශ කිහිපයක නායයාම් අවදානම තීව්‍ර වී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 100 කට ආසන්න ප්‍රමාණයක් පදිංචි ස්ථානවලින් ඉවත්කර ඇති බවයි.
මෙකී ගැටළුව නිරාකරණය සඳහා දිගුකාලීන, මැදිකාලීනල කෙටිකාලීන වශයෙන් පියවර ගනිමින් රජය මැදිහත් විය යුතු යැයි ද ඒ සඳහා සිය සංවිධානයේ නොමද සහය ලබාදීමට සූදානම් යැයි ද විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
340
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වැස්සෙන් පීඩාවට පත් බදුල්ලේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් හදන්න ‘