(දයාරත්න ඇඹෝගම )

වසර නවයක් තිස්සේ වසා දමා තිබු මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) විවෘත විය.

“ඇතැම් අය ලොකු සංවර්ධනයක් වුවා යැයි කියන යුගයේ මෙවැනි ව්‍යාපෘති අවසන් නොවුයේ මන්ද කියා සොයා බැලිය යුතුයි.සංවර්ධනය පිළිබඳව විශාල වෙනසක් වුවායැයි කියන යුගයේ එවකට රජය මුදල් යොදවන ලද්දේ යෝධ ව්‍යාපෘති වලට.එහෙත් ගොවියාගේ ජිවන තත්ත්වය නගා සිටුවිමට මෙවන් ව්‍යපෘති සදහා සැලකිල්ලක් දැක්වූයේ නැහැ“යැයි ජනපතිවරයා පැවසීය.

මෙම ආර්ථික මධ්‍යස්ථානය සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන පන්සියකි.