නිමල කොඩිතුවක්කු
ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18) පැවසීය.
ඇවන්ට්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය මුළු කාලය තුල නාවික හමුදාවට ගෙවා ඇත්තේ රුපියල් කෝටි 180 ක මුදලක් පමණක් බවත් එය මේ දක්වා උපයා ඇති මුදලෙන් තුනෙන් එකක් බවත් ඔහු සඳහන් කරයි.
මෙම ගණුදෙනුව හේතුවෙන් එම කාලයේ රටට අවම තරමින් බිලියන පහ හයක් අහිමි වූ බවත් ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව කීවේ කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් 7000කට රැකියා අහිමිවූ බවට නැගෙන චෝදන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් නාවුක හමුදාව යටතේ වෙනත් සමාගම් වල අය, විදේශ ජාතිකයන් මුහුදු ආරක්ෂක සේවාවේ නිරත වන බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කීවේය.
COMMENTS
පහුගිය කාලයේ රටට ලැබුණු මුළු විදේශ විනිමය සහ රජය පවරාගත් පසු රටට අහිමි වූ මුළු විදේශ විනිමයත් සංසංදනය කළා නම් තමයි හොඳ... නැතිනම් ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කළා වගේ තමයි.
එතකොට පහුගිය රජය සමයේ එවකට යුද්ධය සඳහා ඍජුව දායක වෙච්ච නිලධාරීන්ට ඔවුන්ගේ සේවා කාලයෙන් පසුව රටට බරක් නොවී ජීවත්වීමට ක්‍රමයක් සැකසීම.. මේ වගේ රටක නූගතුන් මැද ජීවත්වන නූගත් මිනිසුන්ට මහලොකු දැවෙන ප්‍රශ්නයක් වුනාට වෙනත් රටවල මෙහෙම දේවල් සාමාන්‍යයෙන් සිදුවන ඒවා. අපේ රටේ යමක්-කමක් තේරුම්ගන්න පුළුවන් අයට වැටහුණත් මෙයාලගේ බොරු කතා විශ්වාස කරන පිරිසට මේවා ලොකු මැජික් වගේ ඇති තවම...
අයියෝ මේවා අහලා අපිට එපා වෙලා
මොන තර්ක විතර්ක ගෙන ආවත් බලය අතට ගන්නා දේශපාලකයා රටේ සම්පත් හොරා කනවා ...... නැතිනම් කොහොමද පිච්චියක් අතේ නැතුව සිට දේශපාලන බලය ලැබුණු අර වංශවත් පුද්ගලයා මාලිගාවක් හැදුවේ?
ඇමතිවරු තමන්ගේ විෂයන්ට අදාළව පමණක් කතා කලොත් තමා වඩාත් සුදුසු. අනිකුත් විෂයන් පිළිබඳව ඒ ඒ ඇමතිවරු කතා කරයි. අච්චාරුවේ මුල ඕක තමයි. හැම දේටම හොට දාන්න යනවා.
අවන්ට් ගාර්ඩ් සභාපති සත්පුරුෂයෙක්. අසරණ/ආබාධිත මිනිසුන්ට උදවු කරපු දෙවියෙක්. ඔහු නිත්‍යානුකූල ව්‍යාපාරයක් කලේ. නොදන්නවානම් කරුණු සොයා බලාගනු. තමන්ගේ කුහක, දුෂ්ඨ, දේශපාලන වාසිය වෙනුවෙන් මේ කරන චෝදනා සියල්ල බොරු. හමුදාවකට බිස්නස් කරන්න බෑ කියා නාවික හමුදාපතිම කීවා, අවන්ට් ගාර්ඩ් එකේ සේවය කරණ ලද විශ්‍රාමික රණවිරුවන් දහස් ගණනකගේ රැකියා අහිමිඋනා එමනිසා ඔවුන්ගේ පවුල්වල අඹුදරුවන් අනාත උනා. බැංකුවලින් ගත් නිවාස ණය, ලීසිං සහ වෙනත් ණය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල, පවුලක ජීවත්වීමට අවශ්‍ය මුදල් එකවර නැතිඋනාම එම පවුල් අනාත වෙන්නේ නැතිව මොකද්ද වෙන්නේ. අපි පාරට ඇදලදාල ඔබට සතුටින් සිටිය හැකිද ?