IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා

( එම්.එන්.පියරත්න)
 
කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවඳ වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

“පෙරහර පිටත් වීමට පෙර දේවාල භූමියේදීත් පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණි විටත් බැතිමතුන් තමන්ගේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට  දෙවියන් සහිත කරඬුවට සුවඳ විලවුන් විදීම සහ සුවඳ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය කරඩුවට විසි කරනවා.මේවා ඇතාගේ ඇස් වලට වැටෙනවා.ඒ නිසා මෙම ඇතා පෙරහැරේ ගමන් කරන්නේ ඇස් කඳුලින් තෙත් වෙලයි.මේ තත්ත්වය දිගටම පැවතියොත් මෙම ඇතාගේ ඇස් අන්ධ වෙන්න පුලුවන් එම නිසා මෙම ක්‍රියාව නොකරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා “යැයි වෛද්‍ය ධර්මකීර්ති මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ දේවාල බලධාරින්ද දැනුවත් කර ඇතැයි ද වෛද්‍යවරයා කීය.
 



අදහස් (8)

වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා

sachith Thursday, 03 August 2017 09:35 AM

අපේ මිනිසුන්ගේ අන්ධ භක්තිය තමයි. පෙරහැර කියන්නේ අපේ සංස්කෘතියේ තියෙනේ හොඳම අංගයක්. එහෙම එකකදීවත් පොඩ්ඩක් කල්පනා කරන්න බෑනේ මේ වගේ වැඩ කරන්න කලින්...

:       2       177

කන්දසාමි සුර්යකුමාර Thursday, 03 August 2017 09:40 AM

අනේ මෙහෙමත් අන්ධ භක්තිකයෝ. අසරණ සතාට හිරිහැර කරමින් දෙවියන්ව සතුටු කිරීමට මේ වගේ මුග්ධ දේවල් කිරීම මගින් දෙවියෙක් සිටී නම් ඔහු කෝප වනු නොඅනුමානයි. මේවගේ අයට මනිස් ආත්ම ලැබුනේ කොහොමද?

:       3       603

sam Thursday, 03 August 2017 09:41 AM

කැලේ ඉන්න සතුන් අල්ලාගෙන ඇවිත් හිලෑ කරලා පෙරහරේ ගෙනියන කොට සුවඳ විලවුන් ඉහින්න එපාලු ඇස් අන්ධ වෙයිලු... මරුනේ සත්ව කරුණාව.

:       643       338

PITIGALA MILANO Thursday, 03 August 2017 10:43 AM

අනේ බුදු හිමියනි, ඔබ වහන්සේ දෙසු දම් අද නැති බව මට දැනේ. යදමින් බැඳි හස්තීන් වීදි සරවමින් සියත් ලක්ෂයක් මලින් ගඩොල් සෑයවල් නහවමින් ටොන් ගණනින් වූ පළතුරින් ඔබ අනුරූ පුදමින් හිමිවරුන් මේ ගමන යන්නේ ඔබ දෙසු මගෙහිද?

:       308       282

Susil Thursday, 03 August 2017 02:07 PM

නැත.. නැත.. එපමණක්ද නොව, අද මහණුන්ට බෙන්ස් නැතුව හයිවේ එකේ තබා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේවත් ගමන් කල නොහැක.

:       511       355

Chanak Los angeles Thursday, 03 August 2017 03:22 PM

ඇතාට කතා කරන්න පුළුවන්නම් කියාවි අනේ අහිංසක මට හිරිහැර නොකර වනයට යවා වෙන ක්‍රමයකින් කරඬුව අරගෙන යන්න බලන්න කියලා.

:       1       81

dammi Thursday, 03 August 2017 03:39 PM

නොපෙනෙන දෙවියන් විස්වාස කරන්න තරම් මේ මිනිස්සු මෝඩ ඇයි?

:       1       40

mad max Friday, 04 August 2017 12:04 AM

අලි ඇතුන්ට වධ දෙමින් කරන මේ පම්පෝරිය වහා නවත්තන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site