(ඉන්දිකා රාමනායක)
 වෙසක් උත්සවය නිමිත්තෙන්   කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක  පිරිසක් යොදවා ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.


මින් 1900 ක පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් ද සෙසු 1100 ක පිරිස රථාවාහන රාජකාරි වෙනුවෙන් ද යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

 
ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සාමාන්‍ය ඇදුමෙන් සහ  නිළ ඇඳුමෙන් රාජකාරියේ යොදවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරවා සදහන් කළේය.
පොලිස් මුලස්ථානයේ  අද (25) පැවති මාධ්‍ය හමුවකදී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.


මෙවර වෙසක්  තොරණ 11 ක් සමග වෙසක් කලාය 5 ක්    ඇති බවත්   මේවා මේවාහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සදහා මොවුන් යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.


වෙසන් දින කිහිපයේ මාර්ග අවහිරතා විශාල වශයෙන් සිදුවන බවත් වෙසක් කලාය ඇති මාර්ග වල  වාහන නතර කිරීමෙන් වලකින ලෙසට පොලිසිය ජනතාවගෙන්  ඉල්ලා සිටියි.