(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී හෙට (31) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතිය.
වර්තමාන දේශපාලන තත්ත්වය සමඟ පැන නැගී ඇති කරුණු කිහිපයක් කතානායකවරයාගේ අවධානයට මෙහිදී යොමු කිරීමට පකෂ නායකයින් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව පර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට අමතරව දැනට ගැසට් කර ඇති 20වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්න දින වකවානු පිළිබඳවත් පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට ප්‍රායෝගික කටයුතු කළ යුතු ආකාරය ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට පාරිලිමේන්තු පක්ෂ නායකයෝ බලාපොරොත්තු වෙති.
විශේෂඥ කමිටුවක් විසින් සකස් කරන ලද නව ආණුඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව මේ වන විට රටේ විශාල ආන්දෝලනයක් පවතින හෙයින් මේ ගැන සාකච්ඡා කිරීමට ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වහාම කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද විපක්ෂයේ පක්ෂ කිහිපයක නායකයින් තීරණය කර ඇතැයිද වාර්තා වේ.
ලබන මස 7 වැනිදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සභා වාරයේ කාල සටහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
සතයපාල Monday, 30 July 2018 04:54 PM
විපක්ෂනායකකම ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය නගන අඬෝ වැඩියාව හෙට සාකච්ජා කරන්නේ නැතෙයි.