අජිත්ලාල් ශාන්තඋදය
මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිත වන රාජ්‍යයක් ලෙස පිළිගැනෙන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට වියදම් කරන මුදල් වලින් ලැබෙන ප‍්‍රතිඵල ඵලදායි ද යන්න ගැටලූව විශ්ව විද්‍යාලවලින් උපාධි අරගෙන පිටවන ළමයින්ගේ දැනුම සැළකිල්ලට ගත් කළ පෙනෙන බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා රටට නුසුදුසු ලෙස ගමන් කරන බව පාර්ලිමේන්තුවට වාර්තා කරන්නට සිදුවන බව පැවසීය.
විගණතාධිපතිවරයා මේ බව පැවසුවේ විගණනාධිපති දෙපාර්තමේන්තුවේ කුරුවිට බටුහේනේ පිහිටා තිබූ විගණන දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය විගණන පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට එහි ගොඩනැගිලිවල අයිතිය පවරාදෙමින් එම පරිශ‍්‍රයේ ශ්‍රවණාගාරයේ අද (17) පැවති උත්සවයේ දීය.
සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතාට එම පැවරුම් ලේඛන විගණකාධිපතිවරයා විසින් පිරිනමනු ලැබිණි.
එහිදී විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.
‘‘ලෝකයේ මුදල් අවභාවිතා වන රටවල් අතරින් ලංකාවත් එකක්. ඒ අවභාවිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කරන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා මම. පසුගිය කාලේ සිදුවු අවභාවිතයන ගැන සොයා බලන්න 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විශාල පිටුවහලක් වුණා. යහපාලනය සවුත්තු වුණාට ඒ ‘‘යහපාලනය’’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.’’
‘‘රාජ්‍ය සේවකයාගේ අවංක බව ගොඩනගන්න විශාල කාර්යභාරයක් කරන්න වෙලා තියනවා. විගණන දෙපාර්තමේන්තුවේ 1500ක් වු සේවකයන් පුහුණු කිරීමටයි මෙම මධ්‍යස්ථානය හැදුවේ.
රත්නපුර ප‍්‍රදේශයේ මේක හදන්න හේතුව හිටපු විගණකාධිපතිරයෙක් වූ සමරවීර මහතාගේ ගම වීම නිසයි. නමුත් කොළඹ ඉඳලා මෙහාට එන්න පැය හතරක් පහක් යනවා. ඒ නිසා මේක අපිට වඩා සබරගමු විශ්ව විද්‍යාලයටයි සුදුසු. මේවා පෞද්ගලික දේපලක් නෙවෙයි. ඒ නිසා අපේ දෙපාර්තමේන්තුව අපිට වැඩිය ඵලදායිතාවක් ගතහැකි ලෙස මේ පුහුණු සංකීර්ණය සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පරිත්‍යාග කරන්න අපි තීරණය කළා.’’
‘‘අද සමහරුන්ට වෙලා තියෙන්නේ පුටුවක ඉඳගත්තොත් නැගිටින්න කැමති නෑ. ගැටලූ සහ ප‍්‍රශ්න ඇතිවන්නේ ඒ නිසා. නමුත් අපි ඒ වෙනසට හුරුපුරුදු වියයුතුයි. අතහැරීම පුරුදු නැති නිසා අපි ඇලෙනවා. ඊට පස්සේ ගැටෙනවා.
මෙතනදි විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇලූනේ නෑ. අතහැරියා. මේවා මහජන දේපල. ඒවා අයිති මහජනතාවට. ඒ නිසා ඉතා ඉක්මනින් සබරගමු විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨය ස්ථාපිත කරන්න අවස්ථාව උදා වුණා. ඒ පිංකමේ අපිත් කොටස්කාරයෝ කියලා අපිට සතුටුවිය හැකියි.’’
අතුරුදන් වූවන් සොයා බැලීමේ කොමිසමේ හිටපු ලේකම් එච්. ඩබ්. ගුණදාස, සබරගමු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙක් වූ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි, රත්නපුර පළාත් මහරෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් රණවීර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර රෝහල් ශාඛාවේ අනුශාසක වෛද්‍ය සමන් අබේවර්ධන මහතා ඇතුළු ආරාධිතයෙන් රැසක් ද, විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරුද, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වුහ.


COMMENTS
රජයේ සේවකයෙක් හැටියට මෙන්ම මහජන මුදලින් වැටුප් ලබන "නිලධාරියෙක් " හැටියට ඔබ විසින් ප්‍රකාශ කර ඇත්තේ 100%ක් නිවැරදි ප්‍රකාශයකි. කතා කරොත් නම් අධ්‍යාපනය ගැන කෙල පැමිණි ආචාර්ය මහාචාර්යාවරු ඉන්න රටක මෙවැන්නක් වීම එම රටේ අභාග්‍යයකි.
විශ්වවිද්‍යාලවලින් පිටවන බහුතරය රටට බරක්. මොකක් හරි ඵලදායි නොවන පින් පඩියක් ලැබෙන රජයේ රැකියාවක්මයි ඉල්ලන්නේ....
රටේ මොන පද්දතියද හොඳ පැත්තට ගමන් කොරන්නේ?
"අතහැරීම පුරුදු නැති නිසා අපි ඇලෙනවා. ඊට පස්සේ ගැටෙනවා.." දුකට හේතුව ඕකයි කියලා අවුරුදු 2500 කට කලින් කෙනෙක් කීවෙත් ඕකමයි. මෙන්න නියම බෞද්ධයෝ. එහෙම නැතුව ගස් ගල් වඳින සිවුර උස්සගෙන ශාසනේ රකින්න හදන අයට ඕව තේරෙන්නේ නෑ. නිවුස් එකට අදාළ නොවුණත් කියන්නම හිතුණා.
විශ්ව විද්‍යාල පිහිටුවිය යුත්තේ කොළඹට ආසන්නයේය. එවිට සිසුන් අමතර ව CIMA ,CIM වැනි ඒවාද කර විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම හොඳ රැකියා සොයා ගනී. හෝමාගම තාක්ෂණ හා අධ්‍යාපන කලාපයක් කිරීම කාලෝචිතයි.
සමුළුවලදී අති පණ්ඩිතයින් සේ දේශනා කරන සමහරක් ඇත්ත තත්වය සඟවනවා. උදාහරණයක් ලෙස කෘෂිකර්ම උපාධිධාරීන් කී දෙනෙක් කාර්යාල සේවකයින් ලෙස වැඩ කරනවාද? මෙය විශ්ව විද්‍යාලයෙන් බිහි වන විද්‍යාර්ථයින්ගෙන් නිවැරදිිව ප්‍රයෝජන නොගැනීමේ වරදයි.
විගණකධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා සමාජ දේහයේ සැබෑ හරස් කැපුමකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ශක්තිය, දුර්වලතා, ඉඩකඩ සහ තර්ජනය අපි හඳුනාගනිමු. රජයක මුලික වගකීම සියලුම පුරවැසියන්ට තමන්ගේ මාතෘ භූමියට ආදරය කිරීමට දැනුම හා කුසලතා ලබාදීමයි. ජාතික උරුමයන්, අභිමානයන් රැකගැනීමට හැකියාව සහ මඟ පෙන්වීම ලබාදිය යුතුය. රටේ තිරසාර භාවයට යටත්ව කාලින සංවර්ධනය අත්පත් කරගැනීමට සුදුසු විෂයයන් විශ්ව විද්‍යාල පද්ධතියට එක් කළ යුතුය. පාසල් 11,000 ක ආසන්න ප්‍රමාණයකට ඇතුලත් වියයුතු ප්‍රමාණයෙන් 96% ක් පමණි ඇතුලත් වන්නේ. 11 වැනි පන්තිය වන විට 88% දක්වා අඩුවෙයි. විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණික විෂයයන් සඳහා යොමුවන්නේ 35%ක් පමණය. රාජ්‍ය විශ්ව විද්‍යාල 15 ට ඇතුලත් විය හැක්කේ උසස් පෙළ සමත් 61% එකෙන් 6% ක් පමණි.විශ්ව විද්‍යාලවල විෂය මාලාවන් රටේ අවශ්‍යතාවයට නොගැලපේ නම් විශ්ව විද්‍යාලයෙන් පිටවන දරුවාගේ දැනුම හාස්‍යයට ලක් කිරීම අපේ මෝඩකම්වලට සිනාසිමක් පමණි. ශේක්ස්පියර්, මර්වන්ස්, ගතේ, බුල්සාක්,සහ පුෂ්කින් වැනි මහා ලේඛකයින් ලියු පොත් සියලුම වෘත්තීය දේශපාලයින් හැලූ බේගල්වලට වඩා වැඩි සමාජ සත්‍යයක් හෙළිදරව් වෙමින් තිබෙන බව නොකියයි