(ඩයනා උදයංගනී)
සියලූ විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මෙම මස 8 සහ 9 දිනවල දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූ විසඳීම සඳහා බලධාරීන් මැදිහත් නොවීම සහ ඒවා විසඳීමට ඔවුන් අපොහොසත්වීම සම්බන්ධයෙන් විරෝධය පා මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන බව එම සම්මේලනයේ අතිරේක ලේකම් අතුලසිරි සමරකෝන් මහතා පවසයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පවතින ගැටලූ සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය පසුගිය මාස තුනක පමණ කාලයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව ද ඔහු පවසයි.
COMMENTS
මොක්කු හරි කාලකන්නි පිරිසක් විසින් අපේ රට නොමගට යොමු කරනවා. ප්‍රශ්න නැත්තේ කාටද මේ රටේ? කරන්න දෙයක් නැති කමට අහිංසක මිනිස්සු ඒවා දරාගෙන ඉන්නවා. යමක් කරන්න පුළුවන් පාහරයෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම පෙන්වනවා. ඉතින්, සිසුන්ට උගන්වන්නේ නැතිව හිටපියව්, රෝගීන්ට බෙහෙත් දෙන්නේ නැතිව හිටපියව්, දැන් ඉන්න ගොන් බුරුවො මදි නිසා නව බුරුවො බිහිකරපියව්, ඉන්න එවුන් මරා දාපියව්. එතකොටවත් වෙනත් ජනකොටසක් ඇවිදින් මේ රට නිවැරදිව පාලනය කරයි.
කලින් සැරේ අධ්‍යාපනයට 6%ඉල්ලන් ආව. අන්තිමේදි පර්යේෂණ දීමනාව කියල පඩි වැඩි කළාම6% ඉල්ලීම කොහෙන් ගියාද නෑ. මොවුන්ගේ සුදුසුකම් බැලුවනම් හරි. ඉල්ලීම් දෙන එක පැත්තක තියල. ගොඩක් අයට අචාර්ය උපාධි නෑ. තිබෙන අයගෙන් බහුතරය එක්කෝ ආසියානු බාල විශ්ව විද්‍යාලවල නැත්නම් ලංකාවේම. අපේ අධ්‍යාපනය එන්න එන්නම පිරිහෙනවා.
හසන් සමග මමත් එකඟයි. අපේ විශ්ව විද්‍යාලවල උගතුන් ලියු පර්යේෂණ ග්‍රන්ථවල ලැයිස්තුවක් දෙන්න. බොහොම කෙටි වෙයි. විශ්ව විද්‍යාලවල ගුණාත්මක තත්වය ගැන ලියු වාර්තාවක තිබුණා පර්යේෂණ සඳහා වෙන්කරන මුදල්වලින් සියයට දශම එකකටත් අඩුවෙනුයි පාවිච්චි කරලා තියෙන්නේ කියල. ඒ වගේම රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පාඨමාලා හදන්න මේ ගොල්ල උනන්දු නැහැ කියල.
ඇයි ද දන්නේ නැ අතිරේක ලේකම් වරයෙකු මේ පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කර තිබෙන්නේ. එහි ප්‍රධාන ලේකම් වරයා විසින් සාමාන්‍යයෙන් සිදුකරන කාර්යයක්.