(අංජුල මහික වීරරත්න)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව 2020 ජනාධිපති සටන අරඹන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවසීය.
අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංගය පරාජය කිරීමට කවුරුත් නොසිතන බලවේග ඒකරාශී වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2015 ජනවරම රකින්නට සියළුම දෙනාට යුතුකමක් ඇතැයි කී අමාත්‍යවරයා වත්මන් ජනපති පත් කිරීමට විරුද්ධ වු අය අද ජාතික ලැයිස්තුවෙන් පැමිණ වෛර පිරිමසා ගැනීමට හදන බවද සඳහන් කළේය
මෙහිදී අදහස් දැක්වුඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුයේ පොහොට්ටුවේ ඡන්දත් විශ්වාසභංගයට එරෙහිව දෙන්නට ඉඩ ඇති බවයි. ඡන්ද එකසිය විසි ගණනකට වැඩිපුර විශ්වාසභංගයට එරෙහිව ලැබෙන බවද මන්ත්‍රීවරයා කීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණී.
ඡායාරූප - ෙරාමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
හිත නිවන කතා....
මහ බැංකු හොරකමෙන් අගමැතිව බේරලා ඡන්දෙ දිනන්න හිතන්නවත් එපා. අපි දෙන්නේ නැහැ.
ඔබ ඔහොම දහවල් සිහින බලබලා ඉන්න ජනතාව නියම පිළිතුර වෙලාවට දේවි... එතකොට පෙරහැර ගිහිල්ලා ලොක්කත් එක්ක කුලියාපිටියේ වෝක්ස්වැගන් එක බලා ගෙන සැනසිල්ලේ ඉන්න පුළුවනි...
හිනහ යනවා මට මෙයා කියන කතාවට. හීනයක් තමයි ඒක ඉතින්. ලංකාවේද දන්නේ නෑ ඉන්නේ...
ඔබ තුමාගේ කතාවෙන්ම පරාජය බාරගෙන නේද? උපුටා ගැනීම "2015 ජනවරම රකින්නට සියළුම දෙනාට යුතුකමක් ඇතැයි"
එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 36ක් ලබාගනිවී යයි මේ පිරිස කෙසේවත් සිතුවේ නැත. දැන් ඔවුන් කරන්නට දෙයක් නැතුව මේ කර ගත්තේ තමන්ගේ මළගම තමන්ම කපා ගනිමකුයි. මෙයින් සිදු වුයේ ඔවුන් නොසිතු පරිදි එක්සත් ජාතික පක්ෂය 2020 ඉදිරි මග එලි පෙහෙළි කර දිමක් බව ඔවුන් සිතන විට ඔවුන් ප්‍රමාද වැඩිය.
ඒ කියන්නේ මහබැංකුව මහ දවාලේ කොල්ල කාපු එකට දඬුවම් කරන්න ඕනේ නෑ කියලද?
හීනෙන් දොඩවනවා වගේ..
ඔය මොන දෙයක්වත් කරන්න ඕනේ නැහැ අගමැතිකම චම්පිකට හෝ අනුරකුමරට දීල දාන්න
මෙම තත්වය උදාවුනේ දුන් පොරොන්දු කඩකරමින් කටයුතු කල නිසා. එහි වගකීම ජනපති සහ අගමැති දෙදෙනාම දැරිය යුතුයි. පුංචි ඡන්දයෙන් දුන්න පණිවුඩය අනුව නම් රජය නිවැරදි මාර්ගයේ නොගියොත් 2020 දී සියලුදෙනාම ගෙදර. එසේ නම් පසුගිය රජයේ දූෂිතයින් නීතිය හමුවට ගෙන ආ යුතුයි. එය ක්‍රියාත්මක කිරීමට කඩිනම් අධිකරණ කටයුත්තක් සඳහා යා යුතුයි. එයට අවශ්‍ය පසුබිම ගොඩ නගනකොට පසුගිය රජයේ අයට ඇති එකම විකල්පය මෙම ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.
විශ්වාස භංගය ගෙනවිත් ඇත්තේ මේ රජය පන්නා දමා නැවත බලය අල්ලා ගැනීමේ පරමාරථය පෙරදැරි කරගෙනය. එමනිසා එය පරාජය කිරීම අධර්මය පරදවා ධර්මය දිනවීමක් වන්නේමය. විශ්වාස භංගය සම්මත වුවහොත් රජය පීලිබද විශ්වාසය නොමැති වීම සම්මත වනු ඇත. මේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා නිර්ලජ්ජී ලෙස බොර දියෙහි මාළු බාමින් කේවල් කරන්නන් අතර ආණ්ඩුවේම පිරිසක්ද සිටිති.
රතු තොල් සංගමයේ අය කියන කතා කවුද ගණන් ගන්නේ?
අගමැති තුමණි ඔබ පක්ෂයේ වසර 25 ක් විතර නායකයා . ඔබ පක්ෂය රටට උදාර සේවයක් කල විශිෂ්ට නායකයෝ හිටපු පක්ෂය . අගමැති තුමා නිසා පක්ෂයටත් රටටත් උරුම වී ඇත්තේ කුමක් ද ? මේ කුමන්ත්‍රනයේදී ඔබ ඔහු දිනවිය යුතු මුත් , අනතුරුව ඔහු පරදා රටෙත් පක්ෂයේත් අභිමානය ලබා දීමට ක්‍රියා කල යුතුය.
මෙතන කොමෙන්ට්ස් වලට dislike දාන්න ෆුල් ටයිම් එක්කෙනක් දල ඉන්නේ. එහෙම කරලා මිනිස්සු රවට්ටන්න පුලුවන්නම් ඉතින් මොනවා කරන්න බැරිද.
ජනාධිපතිතුමා දිනුවේ රාජ්‍ය බලය තිබූ කෙනෙක් පරදවලා අලියාගේ පක්ෂයෙන් කිසිම කෙනෙක්ට බැරි නිසා... එ්ක නිසා වාචාල කතා නොකියා සිටිනු මැනවි...
ගිය සැරෙත් දිනුවේ ලක්ෂ 2.5 නිසා. හිතනවාද 2020 දී ඔය ලක්ෂ 2.5 වත් ඔබලාගේ පැත්තට සිටීවි කියා.?