(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් බාර දී ඇති විශ්වාස භංගය පරාජය කිරීම ඉර හඳ සේ විශ්වාස යැයි පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
මෙම විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අත්සන් කළහොත් පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුව ඔවුන්ගේ අමාත්‍ය ධූර අහෝසි වන බවද සභා නායකවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ කල්ලිය විශ්වාස භංග බාර දුන්නද ඒවා ජයග්‍රහණය කිරීමට මන්ත්‍රී පිරිසක් ඔවුන්ට නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
COMMENTS
ඕන ගොනෙක්ට ඕන ගොන් කතාවක් කරන්න පුළුවන්.
රටේ සල්ලි මහා බැංකු බෙදුම්කර වලින් හොරාකාල, රණවිරුවන් පාවල දෙන්න පනත් ගෙනල්ල. රට ජාතිය විනාස කරන මේ අය රකින්න කව්රු හරි ඉදිරිපත් වෙනවම්, ඒ රටට ආදරේ ඇති එකෙක් නෙමෙයි.
එක්සත් ජාතික පක්ෂයට කළ අපරාධයට වන්දි ගෙවන්න වෙනවා සිකුරුයි.
ලක්මවගේ සෙවණේ හැදී වැඩී ලක්මවට ආදරය කරන දූදරුවන් හැටියට අපට "කවුරු" දිනුවත්, පරාද වුනත් කම් නැත. රට විනාශ නොකර රටේ දියුණුව ගැන "සිතනු". මේ උන්දැත් අද දවසේ බඩගින්න නැති කරගත්තෙත් ඔබේත්, අපේත් දුප්පත් මුදලින් එකතු කරගත් බදුමුදල් වලින් බව "අමතක නොකරව්"...
විශ්වාස භංගය පරාජය කිරීම ඉරහඳ වගේ.., කෙසේ වෙතත් මේ ආණ්ඩුව 2020දී පරාජය වීම නම් ඉරහඳ වගේ!!! අම්බරුවන් එජාපයේ ඉන්නකම් ගොඩගන්නවා බොරු!
ඔය කතාවත් හරියට "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" වගේද?
එක්සත් ජාතික පක්ෂය මෙහෙම ගියොත් චන්ද පදනම බින්දුවට බහින එකත් ඉර හද වගේ
ඔව් ඔව් මේවල නැතිව ඔහෙලා කොයිවල යන්නද? අපිට වල කපන එක තමයි නුමබලා කොරන්නේ
ඉරට අකීකරු සඳට අකීකරු මේ ලක් දෙරණේ පොලිටික්කෝ ඉරට අකීකරු සඳට අකීකරු මේ ලක නසනා පොලිටික්කෝ
ඉස්සා මෙන් ඉහේ කුනු තියා ගෙන අනුනන්ට ඔච්චම් කරමින් හිටපු රනිල්ට දැන් අාරක්සාවට හාරයක්් කරගන්න වේවි
රනිල් මේ ආත්මෙදි ආයෙත් පාරක් ජනාදිපති (කලින් උනෙත් නැහැ) හෝ අගමැති වීම සිහිනයක් බවත් ඉර හද වගේ අපිට නම් විස්වාසයි.
2020 දී නුඹලාව දේශපාලනයෙන් පන්නා දමන්න අපි ඡන්දය දෙන එකත් ඉර හඳ වගේම ෂුවර්.