(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ එය පරාජය වන බව දන්නා නිසා යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුණිල් අමරසේන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන්ගේ උත්තරීතර නායකයා තුන්වැනි වරටත් පරදිනවා දැකීමට අකමැත්ත නිසා ඒකාබද්ධ විපක්ෂය ඔහුගේ අත්සන ලබාගෙන නැතැයි ද ඔහු සඳහන් කළේය.
අප්‍රේල් 4 වැනි දා පැවැත්වෙන විවාදයේ දී විශ්වාසභංගය පරදවා අලුත් ගමනක් ඇරඹීමට එජාපය සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙවත් අදහස් අපිට අවශ්‍ය නැහැ. හිටපු ජනාධිපතිගේ අදහස් විමසන්නකෝ.?
විශ්වාස බංගය නම් පරදිනවා සිකුරුයි හැබයි අලුත් ගමනක් යනවානම් බොරු. පරණ ගොනත් එක්කම සෙක්කුව වටේ කැරකී කැරකී ඉන්න තමයි වෙන්නේ.
පරාද වෙන්නේ උත්තරීතර නායකයා නොවෙයි හලෝ උත්තරීතර ජනතාව. මෙරට කාටවත් ගොඩ ගන්න බැහැ මෙරට ආරාජිකයි, කුජීතුයි, විනාසයි. දෙසපාලකයෝ මෙරට කෑවා. පුලුවනිනම් සුද්දාට නැවත රට බාර දෙමු. සුද්දා මුලින්ම රට බාර ගන්න විට ලංකාවේ සිටියේ විනය ගරුක මිනිසුන්. දැන් එහෙම මිනිස්සු සිරි ලංකාවේ නැත.