සුජිත් හේවාජුලිගේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සිට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෘද සාක්කියට එකඟව පැහැදිලි තීරණයක් තමා ලංකාවට ගිය පසුව ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
හෘද සාක්කියට එකඟව යෝජනාවට පක්ෂව ඡන්දය දීමට අවශ්‍ය නම් ඒ තීරණය ගැනීමට පසුබට නොවන බවද හෙතෙම කීවේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා සමඟ පකිස්තානයට ගොස් සිටින වසන්ත සේනානායක මහතා එහිදී කළ විමසුමක දී මෙසේ පැවසීය.
COMMENTS
මෙයාට අමතරව හාමුදුරු කෙනෙකුයි, හිටපු ඇමැති කෙනෙකුයි තවත් තරුණ මන්ත්‍රී කෙනෙකුයි "හෘද සාක්කියට අනුව" තීරණය කරනවා කියලයි කියන්නේ. ඒ ගමන්ම "හෘද සාක්ෂියට අනුව" ඇමතිකම් වලින් සහ ආසනවලිනුත් ඉල්ලලා ඇසුණොත් තමෙයි නම්බුකාර. ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබන ලද ශ්‍රී ලංකා ඇමැතිවරුන් පිළිබඳ ජනාධිපතිවරයා මේ දක්වාම කිසිඳු පියවරක් රැගෙන නැත්තේ මන්ද කියාත්, කතා බස් වෙනවා. ඒකත් අර පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට එළිපිට කටයුතු කරන කට්ටිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්න බවට රැස්වීම්වලදී පුරුසාරම් දෙඩුවත් ඇත්තටම මොකුත් නොකර ඉන්න එක වගේම තමා ඉතින්...
කිසිම බයවිමට කාරණයක් නොමැත.
ආ එහෙනම් ඉතින් එනකල් ඉන්න ඕනි නැහැ ඒ තීරණය ගන්න. පකිස්තානේදීම ගන්න පුළුවන් වේවි.
සෙසු දේශපාලන මහත්වරුන්ට ඔබේ නිර්භීත ප්‍රකාශය ආදර්ශයක් වේවා !
සැබෑ හොරා ඔහුගේ පවුලේ උදවියත් සමග සතුටින් විදේශගත වී කාලය ගත කරනවා. ඒ මහජන මුදල් ගසාකමිනුයි. වහාම දඬුවම් මේවාට ලබාදිය යුතුයි.
මෙයාට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්... ඒ කියන්නේ මුත්තා හැදූ සීයා නායකත්වය දුන් පක්ෂයේ අද තමන්ට තැනක් නැතිවීමේ දුක හා වෛරය මත පදනම් වෙලා පක්ෂ නායකයා ඇතිකර ගත් ආරෝවක්. ඒවා රටේ ප්‍රශ්න නොවේ පුද්ගලික ප්‍රශ්න...
2015 දී මහින්ද මහතා පැරදුණාම කට්ටියම කිව්වේ මහින්ද මහතා වටේ සිටින කට්ටිය නිසා එතුමා පැරදුණු බවයි. දැන් රනිල් මහතාටත් එකමයි සිදුවන්නේ. රනිල් මහතා පත්කරගෙන සිටින කට්ටිය කිසි වැඩකට නැහැ. නමුත් ඒ ගැන කතාවක් නැහැ. අගමැතිටම දොස් කියනවා මිසක්. විමල් රනිල්ගේ පැත්තේ සිටියා නම් කියනවා මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියනවා කියා. ඇමති කෙනෙක් වුණාම සාමුහික තීරණ ගන්න වෙනවා ආණ්ඩුවත් සමග. එහෙම නැත්නම් ඔය සාක්ෂි, තීරණ ගන්න ඇමතිකම් වලින් ඉවත්වෙන්න වෙනවා.
අපි යූ.එන්.පී. අපිත් අගමැතිතුමාගේ වැඩවලට කැමැති නැහැ. හැබැයි යූ.එන්.පී එකට ප්‍රශ්නයක් වෙන පොහොට්ටුවේ අයට බලය දෙන අන්ධ බාල තීරණ ගන්න එපා.
මම හිතන්නේ මෙයාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක්...
හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න නම් ඉස්සරවෙලාම විපක්ෂයට ගිහින් වාඩිවෙන්න, නැත්නම් ඕකට කියන්නෙ 'තනතුරු නොලැබීමේ කලකිරීම' කියල. රංගේටත් තියෙන්නෙ ඔය ලෙඩේමයි.
ඔබේ පක්ෂය බිහිකරපු ශේස්ත්‍ර මුතුන් මින්තන්ට ඔබ නිගරු කරනවා.