සුජිත් හේවජුලිගේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලබන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එදින පාර්ලිමේන්තු පරීශ්‍රයට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයන් මෙන්ම මන්ත්‍රීවරුන් හා නිලධාරීන්ද දැඩි ලෙස පරීක්ෂා කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරක්ෂක ප්‍රධානියෙක් ලංකාදීපයට පැවසීය.
මේ කටයුත්ත සඳහා අතිරේක භට පිරිස් කැඳවීමටද තීරණය කර ඇත. මෙම විවාදය උදේ 9.00ට ආරම්භවී රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සහකාර ලේකම් කුමාරි රෝහනධීර මහත්මිය පැයසුවාය.
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශ වල පරීක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කෙරෙන ක්රීයාකාරකම් නැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ කැරලි මර්දන කණඩායම් සීරුවෙන් තැබීමටද කටයුතු කෙරේ.
COMMENTS
විශ්වාසභංගය දවසේ හොර නඩයේ බලාපොරොත්තු එහෙන් පිටින්ම සුන්වෙනවා .
ඔය ආරක්ෂාවට ඉන්න අය නීතිය නවයි ද?
විස්වාශ භංගය කියන්නේ පාර්ලිමේන්තුවේ කට්ටිය දෙපිරිස කරන යුද්ධයක්ද? නැත් නම් ගුටි කෙලියක්ද? මේ දෙගොල්ලන්ම කරන්නේ ජනතාවගේ මුදල් කුට්ටි පිටින් ගිලින එකයි. රට වනසන එකයි විතරයි. මේවට තවත් ජනතා මුදල් යොදවා ආරක්ෂකයි යෙදීම පසෙක දමා මුන්ට මරාගන්න ඉඩ දෙන්න. හැම එකාම තමන්ගේ බඩ වඩා ගැනීම ට ඇනකොටා ගැනීමයි අපහාස කර ගැනීමයි කුණු හරුප කීමයි පමණයි දැන් අපේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ.අපේ රටට දෙවියන්ගේ පිහිටවත් නැහැ.
හරි හරි චානක ලොස් ඇන්ජලිස් හොර නඩය කිව්වේ මහා බැංකුව මංකොල්ල කාපු යහපාලන හොර නඩයටනේ.
මෙහෙමත් විහිළු. අහිංසක හිගන්නන්ගේ ගහන බදු මුදල් ටිකනේ ඔතෙන්ටත් වියදම් කොරන්නේ, අජිත් මහත්මය කියලා තියෙන්නේ ලස්සනට.