සිරාජ් හසීම්
රටක විපක්ෂ නායකවරයකු නෙරපීම සඳහා විශ්වාසභංගයක් ගෙන ඒම යනු සාධාරචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවත් එවන් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට මුහුණ දීමටද තමා සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි.
ලෝකයේ කිසිදු රටක විපක්ෂ නායකවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් නැති බවද ඔහු සඳහන් කළේය.
‘ඕනෑම මන්ත්‍රීවරයකුට විශ්වාසභංගයක් ගෙන එන්න හැකියාවක් හා අයිතියක් තියෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියන්නේ සදාචාර සම්පන්න නැහැ. ලෝකයේ කිසිම රටක විපක්ෂ නායකවරයකුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා නැහැ. එහෙම විශ්වාසභංගයක් ගෙනාවොත් ඊට මුහුණ දෙන්න සූදානම්.
2015 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ජනතාව බලය ලබාදුන්නා. ජනතාවගේ බලාපොරොත්තුව වූයේ ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන දී රටේ ජාතීන් අතර සාමය සමගිය හා සහජීවනය ඇති කරලන රට නොබෙදා උපරිම බලතල බෙදීමක් සිදුකරීමයි.
මේ අනුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්වුණා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවක්ද සකස් කරල පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තා. නමුත් එම කටයුත්ත මන්දගාමී වුණා.
ජනතාවගේ ඉල්ලීම් ඉටුකර ගැනීම වෙනුවෙන් අපි උපරිමයෙන්ම කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සමඟ සාකච්ඡා කරනවා.‘ යැයි ද විපක්ෂ නායකවරයා කීවේය.
COMMENTS
අපට කණගාටුයි මේ වෙන්න යන දේ ගැන
ලෝකයේ කිසිම රටක විපක්ෂ නායකයෙකුට විශ්වාස බංග ඇවිත් නැත්නම්, අපේ රටේ විපක්ෂනායකගේ විශේෂයක් ඇති.
බයවෙන්න එපා සම්බන්ධන්, රනිල්ට ලැබුණාට වඩා ඡන්ද ඔබට ලැබේවි !!! සිංහලයා සපෝට් නොකරන එකම ජාතිය සිංහලයාමයි.
ඔබතුමා ඔය කෙහෙල්මල් ගණන් ගත යුතු නැහැ. ඕක තවත් පුස්සක්. අපිට මේ අපේ බොරු සෝභනකාරයින්ට වඩා ඔබතුමාව විශ්වාසයි !
ඔව් ඉතින් පසුගිය දවසේ "දීකිරිවලට බළල්ලුත් සාක්කි " දුන්නනේ.. දැන් ඉතින් "බළල්ලුන්ට දීකිරි " සාක්කි දෙයි. හරිම සරලයි.
රටේ ශක්තිමත් විපක්ෂයක් නැති එක ලොකු අඩුපාඩුවක්
මෙයා කොහේ තිබෙන සදාචාරයක් ගැනද කතාකරන්නේ? ඕක ඇතුලේ ඉන්න කාටවත්ම සදාචාරයක් නෑ. මෙයාලට කොහෙත්ම නෑ.
දුර්වල ආණ්ඩු සහ දුර්වල නායකයෝ ඉන්නකොට මේවා වෙනවා. මේවා අරගෙන පල් හොරු ටික යහතින් ඉන්නවා.