IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විශ්‍රාමික පොලිස් ප්‍රධානීන් දෙදෙනකුගේ සොහොයුරිය නිදියහනේම මරා දමලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)

තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන වලව්වේ පදිංචිව සිටි 62 හැවිරිදි වියේ පමණ අවිවාහක කාන්තාවක් නිදි ඇඳ මතම ඝාතනය කර තිබියදී ඇයගේ සිරුර ඉකුත් 5 වැනිදා සවස සොයාගත් බව තලාතුඔය පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මහනුවර තලාතුඔය මාරස්සන ප්‍රදේශයේ පදිංචිව සිටි සුධර්මා සෙනෙවිරත්න (62) නමැති කාන්තාවකි.

පොලිස් නිල සුනඛයෙකු යොදවා කරන ලද පරීක්‍ෂණයකදී මෙම කාන්තාවගේ ඝාතකයා හඳුනාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

සුදර්මා මෙනෙවියගේ හිසේ බරපතළ තුවාලයක් දකින්නට ලැබුණු බවත් සිරුර ඇඳ මත මුණින් අතට දමා තිබුණු බවත් තලාතුඔය පොලිසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

නිවසේ කාමරයක තිබූ අල්මාරි ඇරදමා රෙදි පිළි අවුස්සා දමා තිබූ බවත් ඝාතකයා නිවසේ ඇති වටිනා දේපොළ කොල්ලකෑමේ අරමුණින් පැමිණ මෙවැන්නක් කරන්නට ඇති බවත් පොලිසිය කියයි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සුදර්මා මෙනවියගේ සහෝදරයින් වන අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ඇයගේ ඥාති සහෝදරයෙකි.

මහනුවර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත ඝාතකයා අල්ලා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්ද යොදවා තිබේ.

අවිවාහක කාන්තාවක වූ සුධර්මා සෙනෙවිරත්න මෙනෙවිය ගෘහ සේවිකාවක සමඟ මාරස්සන වලව්වේ පදිංචිව සිටියාය.

මෙම සිද්ධිය වූ පසුගිය සිකුරාදා දිවා ආහාරය ගෙන ඇය නිදා ගැනීමට යන බව ගෘහ සේවිකාවට පවසා සවස 3.00 ට පමණ කාමරයට ගොස් ඇත.

සවස 5.00 පමණ වනතුරුත් ඇය අවදි නොවූ නිසා ගෘහ සේවිකාව කාමරයේ දොරට තට්ටුකර ඇතත් ඇය අවදි නොවූ නිසා ඇතිවූ සැකයක් මත මේ බව අසල්වැසි නිවසකට ගොස් දැනුම්දී ඔවුන්ද කැටිව පැමිණිවිට ඇය නිදා සිටි කාමරයේ දොර විවෘත කර තිබෙනු දැක ඇති බව කියති.

විපරම්කර බැලීමේදී සුධර්මා මෙනෙවිය කාමරයේ ඇඳ මත ලේ ගලන තුවාල සහිතව මුණින් අත සිටිනු දැක ඒ බව තලාතුඔය පොලිසියට පැමිණිලි කර තිබේ.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළේය.

නිවසේ සෙවිලිකර තිබූ උළු කැට කිහිපයක් ඉවත්කර ඒ තුළින් කාමරයට ඇතුළුවී මෙම අපරාධය සිදුකළ පුද්ගලයා එම කාමරයේ දොර විවෘත කරගෙන පලාගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් නිලධාරියා කීය.

පොලිස් නිල සුනඛ රිච්මි අපරාධය සිදුවූ නිවසට කැඳවාගෙන පැමිණ ඉවත්කර තිබූ උළු කැටයක් ඉව කිරීමට සැලැස්වූ බව පොලිසිය කියයි.

පොලිස් නිල සුනඛ රිච්මි උළුකැටය ඉවකර කිලෝමීටර් 1 1/2 ක පමණ දුරක් ගෙවාගොස් එම ප්‍රදේශයේම පිහිටි නිවසකට ගොස් නැවතී ඇත.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් නිලසුනඛයා මෙහෙයවා ඇත්තේ පොලිස් කොස්තාපල් ශ්‍රී ලාල් (74130) මහතා විසිනි.
පොලිස් නිල සුනඛයා හෝඩුවාව දුන් නිවසේ හිමිකරු මීට පෙර මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අයකු යැයි පොලිසිය කීය.

සුධර්මා මෙනෙවියගේ ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

දෙදරු පියෙක් වූ සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව ද පොලිසිය පවසයි.

මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මහනුවර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ශිව සුබ්‍රමනියම් මහතාද සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ මෙහෙයවීය.
නිවසේ තිබී පැහැරගෙන ගිය දේපොල මොනවාද යන්න සම්බන්ධව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ විශේෂ උපදෙස් මත මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර සහ සහකාර පොලිස් අධිකාරි ඒ.ජී.වයි.ජී. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.



අදහස් (0)

විශ්‍රාමික පොලිස් ප්‍රධානීන් දෙදෙනකුගේ සොහොයුරිය නිදියහනේම මරා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site