( තුසිත කුමාර ද සිල්වා)
යුධ හමුදා පොදු සේවා බලකායට අනුයුක්තව සිටි වසර 8ක කාලයක් සපුරන සෙබළියක් තමා විවාහ වූ බව හැඟවෙන කූටව සැකසූ ලේඛනයක් විවාහ සහතිකය ලෙස පනාගොඩ යුධ හමුදා කඳවුර වෙත ඉදිරිපත් කරන ලද කටුකුරුන්ද කළමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මේ වන විට නීත්‍යානුකූලව විවාහ නොවු සෙබළියක් කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කළුතරදී අත් අඩංගුවට ගත් බව කියයි.
මෙම කාන්තා සෙබළියක් විවාහ වී ඇති බව පනාගොඩ යුද හමුදා කඳවුර වෙත ලබා දී තිබෙන විවාහ සහතිකය හා ලේඛන පිළිබඳ එම නිලධාරීන්ට ඇති වූ සැකය හේතුවෙන් එම සෙබළිය පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලබා ගත් තොරතුරු මත සිද්ධියට සම්බන්ධ කූට ලේඛන සැකසූ බවට තහවුරු වී ඇති සෙබළිය විශේෂ විමර්ශන පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවේ වසට 8ක කාලයක් මේ වන විට සේවය කර ඇති මෙම සෙබළිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනය නීති කඩ කරමින් කූට ලේඛන ඉදිරිපත් කර ඇත්තේ යුධ හමුදාවෙන් ලබා ගත හැකි සේවා මෙන්ම විවාහක දීමනා ලබා ගැනීමේ අරමුණින් බව පොලිසිය තම මූලික පරීක්ෂණ වලින් අනාවරණය කර ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාර යුධ හමුදා සෙබළිය මේ වන විට කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටින්නියක බව පොලිසිය කියයි.
සැකකාර සෙබළිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
සිවිල් නීති යටතේ නොව හමුදා නීති යටතේ දඬුවම් දුන්නොත් අනික් කට්ටියත් පාඩමක් ඉගෙනගනිවී. දැනට සිවිල් උසාවිවල නඩු හත් ලක්ෂයකට වඩා ගොඩ ගැහිළලු. මෙයා ව්ශ්‍රම යනකම් ශේප් එකේ ඉඳියි. හමුදා නිතිය අනුවනම් වැඩිම උනොත් මාස තුන හතරක් ඉන්න පුළුවන් වෙයි.
මෙයාගේ පුද්ගලික ලිපිගොනුව සම්පූර්ණ පරීක්ෂාවකට ලක්කරන්න වෙයි. සමහරවිට උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, ක්‍රීඩා සහතික, වෛද්‍ය සහතික සහ ලියාපදිංචි සහතිකත් ව්‍යාජ ඒවා වෙන්න පුළුවන්.
මේක හරිම අසාධාරණ නීතියක්, විවාහක අයට එක ගෙවීමකුත් අනික් අයට තවත් ගෙවීමකුත් දෙන්නේ ඇයි? ළමයින්ට දීමනාවක් දෙනවා නම් මොකක් හරි කියන්න තිබ්බා. මෙව්වා හමුදාවල ඉන්න අයට තේරෙන්නේ නෑ.
ඔන්න ඔන්න රණවිරු නෝනලාට කරදර කරන්න හදනවා!
මේ සෙබළියටත් අනුකම්පා කළ යුතුයි.