ඉන්දිකා රාමනායක
ආවා කල්ලිය නමින් වවුනියාව ප‍්‍රදේශයේ අත්පති‍්‍රකා බෙදීමේ සිද්ධිය ආවා කල්ලි සාමාජිකයන්ගේ කි‍්‍රයාවක් නොවන බවත් මෙහි පිටුපස සිටින පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතා අද (4) පැවසීය.
ඉකුත් පළමු වැනි දින වව්නියාවේ ස්ථාන හතරක මෙම පත්‍රියා බෙදා ඇති බවත් මෙම පත්‍රිකා 11 ක් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එම පත්‍රිකා සම්බන්ධයෙන් දැනට සිදුකළ පරික්ෂණ අනුව මේවා ආවා කල්ලි සාමාජියන් බෙදා නොමැති බවත් උතුරේ සමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමේ අරමුනින් ඇතැම් කණ්ඩායම් මෙවැනි කි‍්‍රයාකාරකම් වල නිරත වී ඇති බවට පෙනී යන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
ආවා කල්ලි සාමාජියන් යනු උතුරේ තරුණ කණ්ඩායමක් මිස ත‍්‍රස්ත කණ්ඩායමක් නොවන බවත් ලංකාවේ අනිකුත් පළාත් හා සැසඳීමේ උතුරේ තත්ත්වය ඉතාමත් සාමකාමී බවත් රොෂාන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේය.
උතුරේ පොලිස් වසම් 53 ක් තිබුණ ද ආවා කල්ලිය කි‍්‍රයාත්මක වන්නේ පොලිස් වසම් 4 ක් තුළ පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
"....ආවා කල්ලි සාමාජියන් යනු උතුරේ තරුණ කණ්ඩායමක් මිස ත‍්‍රස්ත කණ්ඩායමක් නොවන බවත්........" රොෂාන් ප්‍රනාන්දු මහතාණනි, ඔබගේ මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? මිනිසුන්ට කඩු කිනිසි පොලු වලින් පහර දෙන, පිස්තෝල තුවක්කු වලින් වෙඩි තියන, රෑ මැද ගෙවල් වලට කඩා වැදී ගෙවල් කුඩු පට්ටම් කරන, ගෙවල් ගිණි තියන, බෝම්බ ගසන අයට කියන්නේ නිකම් "තරුණ කණ්ඩායමක්" කියලාද? එවැනි වැඩ ත්‍රස්ත ක්‍රියා නෙවෙයිද? පාතාල ක්‍රියා නොවෙයිද? අර කලකට ඉහතදී "නාඳුනන පිරිසක් විසින් කරණ ලද ක්‍රියා" ("ත්‍රස්තවාදී" කියන වචනය කියන්නටත් බයේ හිටිය පාලකයින් සිටි යුගයක) කීවෙත් ඒ වගේ පටන් ගත්තු දේවල් වලට නේද? කරුණාකර කොන්ද පණ ඇතිව, බයගුලු කමට වෙවුලන්නේ නැතිව, පිටරට බලපෑම් වලට යටත් නොවී, හිතට එකඟව ඇත්ත කතා කරන්න.
"උතුරේ පොලිස් වසම් 53 ක් තිබුණ ද ආවා කල්ලිය කි‍්‍රයාත්මක වන්නේ පොලිස් වසම් 4 ක් තුළ පමණක් බවද.....- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා." අයියෝ එහෙනම් ඒක සුළු දෙයක්නේ! එකනේ අපි ඒ ගොල්ලන්ට ඉඩ දීලා, අල්ලනේ නැතිව බලන් ඉන්නේ! නැත්නම්, පොලිසියේ මෙච්චර දක්ෂ අපිට මර්දනය කරන්න බැරි කමට හෙම නෙවෙයි. අපිට දොස් කියන්න එපා.
හැබැයි අපි දන්නා විදියට ත්‍රස්තවාදිනුත් වැඩිපුර ගැවසෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන්... එ්ක ඔවුන්ගේ පැවැත්මේ උපාංගයක්...