(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ ගමන් ගත් බස් රථයකට එල්ල කෙරුණු ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් නාවික හමුදා සෙබළකු සුළු තුවාල ලබා ඇතැයි කනගරයාන්කුලම් පොලීසිය පවසයි.
කනගරයාන්කුලම් කොල්ලයාර් පුලියන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි 9.30 ට පමණ ඒ-9 මාර්ගයේ වව්නියාව සිට යාපනයට ගමන්ගත් ලංගම බස් රථයකට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාර එල්ල කොට ඇති අතර ප්‍රහාරය එල්ල කළ පිරිස් පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
ඒ පිළිබඳව රියදුරා විසින් කනගරායන්කුලම් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු බස් රථය නැවත යාපනය බලා පිටත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ පුද්ගලික බස් හිමියන්ද කියා සොයා බැලිය යුතුයි.