( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය.
කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර මරණ දඩුවම නියම කර තිබිණි.
දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2008 වසරේ ගල්කිස්ස ප්‍රෙද්ශයේෙදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.
මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි
.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප‍්‍රතික්ෂේප කළ බවයි.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
2012 වසරේ දෙහිවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 7.05 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදී.
දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කෙරුණු ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පැනවන ලදී.
එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ. වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය....
ත්‍රිපිටකේ දැන් අමතකයි. පෝරකේ සූදානම්ද?
ඔන්න සිරිසේන මහත්තයෝ වැඩ පෙන්නනවා නම් වෙලාව...
ජනාධිපතිතුමෝ මෙන්න තවත් කෙනෙක්..
නීතියට දීර්ඝායු ලැබේවා...!!! මරණය කෙතරම් ඛේදජනක වුවත් මෙවන් සමාජයම විනාශ කරන නරුමයන් එල්ලා මැරිය යුතුමයි. ඒක ඉක්මණින්ම කිරීම ලාංකීය සමාජයටම කරන යුතුකමක්...
දෙවියනි, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට සල්ලිවලට ආසාවෙන් නීතිය නවන අයටද?
සල්ලි වලට ආසාවෙන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිය නැවීමට තැත් කරන අයට දඬුවමක් නැද්ද, දෙවියනේ?
අල්ලන හෙරොයින්, මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කරනවා වගේම... මේ වගේ " ශ්‍රී ලාංකිකයෝ " කියා ජාතිය විනාශ කරපු, කරන පුද්ගලයින්වත් ප්‍රසිද්ධියේම පෝරකයට නැග්ගුවා නම් නේද හොඳ?
පව් අහිංසකයා.. හෙරොයින් කිලෝගණන් අහුවෙන එවුන් නිදහස් වෙද්දි "2012 වසරේ දෙහිවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 7.05 සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන්" මරණ දඬුවම..
පෙර පව් කියන්නේ මේවගේ උන්ගෙන් බලාගන්න පුළුවන් අහස උසට ගොඩනැගිලි, යානවාහන, හිතේ හැටියට මුදල්... මේ සේරම අසරණ මිනිසුන්ට විෂ මත්ද්‍රව්‍ය විකුණලා හම්බ කරපුවා... නමුත් තමන්ට සැපක් ලැබුණද? වටේ ඉන්න කට්ටියට රජ සැප.., දැන් හම්බ කරපුහැටි මතක් කරමින් හූල්ලන්න. එල්ලන. දිනේ.... එනකම්. හැම මැරවරයාගේම පිටුපසින් ඉඳිමින් ඔවුන් ශක්තිමත් කරන්නේ... තම බිරිඳ, තම සැමියා යකෙක් කරන්නෙත්... දෙවියෙක් කරන්නෙත් මේ බිරිඳ මේ නඩේගේ බිරින්දෑවරුන් යක්ෂණියන්, මිනිහත්, බිලිදුන්නු රටේ... වැසියනුත් බිලිදුන්නා.
පුදුම නඩු තීන්දු කුඩු 7.5gකට මරණ දඬුවම් දෙන්න තරමටම අපේ නීතිය අසාධාරණ වෙලා. පුනරුත්ථාපනය කළ හැකි ජීවිත කඩදාසියක් තරමටවත් මායිම් නොකරන රටක් . මරණීය දණ්ඩනය දීම යනු එයත් ඝාතනයක්....
ගරු අධිකරණයටත්, විනිසුරු මඩුල්ලටත් ප්‍රශංසා වේවා. මිනිසෙකුට මරණීය දඬුවම පැමිණවීම ගැන අපට සතුටක් නැත. ඒත්,යම් මිනිසෙකු අපරාධ කරමින්, මිනීමරමින් මනුෂ්‍ය සමාජයට හානි කරන්නේ නම් ඔහුව මෙලොවෙන් තුරන් කිරීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. එනම් ඔහු මෙලොවින් තුරන් කිරීම හවත් නීතියට අනුකූලව මරණ දණ්ඩනයට ඔහු ලක්කිරීමයි. එය කරනුයේ පොදු සමාජයේ යහපත උදෙසාය. එය අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ඒත්, නීතිය යනු සැමවිටම සර්ව සාධාරණ නොවන්නේ මුදලට කෑදර ඇතැම් පෙරකදෝරු උන්නැහේලා නීතියේ දැලෙන් රිංගන බැවිනි. මේ තත්වය මිනිසා විසින්ම වළකාගත යුතු අත්‍යවශ්‍යම කර්තව්‍යයකි. එහෙත්, මුදල් කොපමණ දුන්නද නීතිය අවනීතිය නොකරන උතුම් නීතිවේදී මහත්වරුන්ද මේ රටෙහි වැඩ සිටිනා බව කිවයුතුය. 'දවසක් පැල නැති හේනේ ' ගීතය ලියු රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා අවංක උතුම් මිනිසෙකි.
ජීවිතක්ෂයට පත්කිරීම සඳහා වස දීම, වස පෙවීම මිනීමැරුම් චෝදනාවක් නම් මත්ද්‍රව්‍ය ලබාදී ජීවිතයන් ටික ටික මරණය කරා ළංකිරීමත් මිනීමැරුමක් නේද?
ඡන්දෙ ලංවෙලා නිසා බයිලා කියනවා අායේ. එක පාරකුත් කිව්වා කවුරු විරුද්ධ වුනත් මරණ දණ්ඩනය දෙනවා කියලා. අනික ඇයි මෙයාට විතරද අර මහා කුඩ්ඩෝ ටික...? එළියේ ඉන්න කට්ටිය එහෙම..
මෙයාව එල්ලන්නේ නැහැ සහෝදරයා...
කුඩු ගහනකොට ජීවිත අවුල් වෙන නිසා කුඩු විකුණන එවුන් එල්ලා මරනවා නම්, තැබෑරුම් කාරයෝත් එල්ලා මැරිය යුතුයි. ඇයි ඉතින් එ්කෙනුත් වෙන්නේ ජීවිත අවුල් වෙන එක තමයි.
පැන හොයාගන්න බැරුව තවම අඳුරේ අතපතගනව
මෙයාව මෙහෙට උස්සාගෙන ඇවිල්ල. ඊළඟට කියන්න එපා ඔන්න හිරෙන් පැනලා කියලා. මේ රට දැන් කිසිම මනුෂ්‍යයෙකුට යහතින් වෙසෙන්න පුළුවන් රටක් නෙවෙයි. පුළුවන් උදවිය දරු පවුල් පිටින් පිටරට පදිංචියට යනවා. සෙසු උදවිය නීතිය අසවලාට ගියා කියා එදා වේල යන්තම් සොයා ගෙන ( බහුතරයකට ඒකත් නැත ) පණ අදිති. ඡන්දදායක්යෝ සිහි මුලාවී නුගත්තු නැතහොත් ස්ත්‍රී දුෂකයන්ට රට භාර දෙති. උපාධි අපේක්ෂකයෝ යුතුකම් යන වදන නොදන්නේ වීදි බැස අයිතිවාසිකම් ගැන පමණක් බෙරිහන් දෙති. මුහුකුරා ගිය උගත්තු දුෂිත දේශපාලකයන් ඉදිරියේ දනින් වැටෙති. ප්‍රසිද්ධ කලාකරුවෝ ක්‍රීඩකයෝ වැරදි සමාජ පුර්වාදර්ශ හැදෙන පරපුරට පෙන්වති. රාජ්‍ය වෘත්තිකයෝ වෘත්තීය ගරුත්වය නොහඳුනති. රටේ සිවිල් නීති කැඩූ දේශපාලකයන්ට , කාගේත් සුන්දරියන්ට පස්සා දොරෙන් තනතුරු ලාභ ලැබේ. ළඟදී වැඩිවිය පත් දුවත් සමග ගෙදර ආච්චිටත් රැකවල් යෙදිය යුතුයි. මහලු දෙමව්පියන් බලු කුඩු වලය. පාර්ලිමේන්තුව රටේ ගුස්ති මධ්‍යස්තානයයි . මෙහෙව් රටේ මධුෂ්ලා ඉපදීම අරුමයක්ද ?
මරණ දඬුවම ස්ථිර කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ එල්ලලා මරන්නේ නැත්නම්.
මේ නිවුස් එක දැක්කම වෙලේ සුදා පිටිපස්සෙන් හිනා වෙනවා ඇති...
මේ ඔක්කොම කුඩු ජාවාරම් කාරයන්ගේ නඩු වල තියෙන්නේ ඉතා සුළු කුඩු ප්‍රමාණ... එතකොට පොලිසිය අල්ලන කිලෝ දෙතුන්සීයවල් තියෙන්නේ කාගේ නඩුවලද?