සිතුම් චතුරංග
කොළඹ සිටින ව්‍යාපාරිකයකු හට රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීම සඳහා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය විශ්වමඩු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමක දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් කිසියම් පුද්ගලයකු වෙත පෙන්වීම සඳහා වාලම්පුරි රැගෙන යතුරුපැදියකින් රැගෙන යමින් සිටි බවට අනාවරණය වූ බවද කීය.
සොයාගත් ඒ වාලම්පුරියක් අගල් 11 දිග ග‍්‍රෑම් 400 පමණ බරින් යුතු වන අතර අනෙක් වාලම්පුරිය අගල් නවයක් දිග ග‍්‍රෑම් 315 බරින් යුතු බවද සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා දුරකථන මාර්ගයෙන් හඳුනාගත් කොළඹ සිටින ව්‍යාපාරිකයකු වෙත ලබාදීම සඳහා සූදානම්ව තිබූ බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පැවැසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් කොඩිකාමම් වාරණි උතුර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 35 අතර වයසේ පසුවෙන්නෝ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ විහිලුව. මාළු අල්ලන්න පුලුවන්නම්, කකුළුවෝ අල්ලන්න පුලුවන්නම්, දකුණට කැරකුණ මේ කටු ඕන තරම් වෙරළේ තියෙනවනම් කවුරුහරි ගොනෙක් මෝඩයෙක් මිත්‍යා විශ්වාස කරන්නෙක් වමට කැරකුණ මේ කටුවක් කෝටි ගානකට ගන්නවානම් කවුරුහරි ඒ සල්ලි තියෙන ගොනාට ඒක ඉල්ලන ගානකට විකුණලා සල්ලි හොයා ගත්තාවේ. එතකොට ඔය ඉල්ලුමත් නැති වෙලා ඕවා තුට්ටු දෙකට වැටෙනවා. රජයක් විසින් මේවා අත් අඩංගුවට ගන්නේ. අපේ රටේ ආණ්ඩුත් මිත්‍යා විශ්වාස කරන ගොබ්බයන් කියන ඒක නේද ?
අත් අඩංගුවට ගන්න තරම් මේකේ ඇති වැරැද්ද මොකක්ද ?
ප්‍රශ්නය මෙවැනි වටිනාකම දුන්විට මුහුදේ එකම හක්බෙල්ලෙක් වත් නැතිව යාමයි........
සත්‍යපාල මට කියන්ට ඕන දේ හරියටම කියල තියෙනවා....
දන්නේ නැති නිසා අහන්නේ? වාලම්පුරි ලඟ තබා ගැනීම, විකිණීම තහනම්ද? එහෙමනම් පත්තරවල ඇඩ් දාලා නාවල, නුගේගොඩ පැත්තේ එක් කෙනෙක් මහා බලසම්පන්න වාලම්පුරි කියලා විකුණන්නේ. ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ?
මේ අත් අඩංගුවට ගැනීමේ කිසිම සාධාරණත්වයක් මට නම් පේන්නේ නැහැ. බෙලිකටු ළඟ තබා ගැනීම ප්‍රවාහනය හෝ විකිණීම මම දන්නා තරමින් ලංකාවේ තහනම් කරලා නැහැ.
පිලිපිනෙට නැවකට ගේන්න පුළුවන්